Friday, May 01, 2026
Follow Us
ක්‍රීමි ග්‍රීන්පීස් සුප්

අවශ්‍ය ද්‍රව්‍ය

ග්‍රීන්පීස් ග්‍රෑම් 200ක්

තෙල් මේසහැඳි 2ක්

තළාගත් ලූනූ ගෙඩි 1ක්

තළාගත් සුදුලූනූ බික් 4-5ක්

වතුර කෝප්ප 1ක්

ලුණු හා ගම්මිරිස්කුඩු

තළාගත් කොත්තමල්ලි

හා මිංචි කොළ

පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට ලූනූ හා සුදුලූනූ ටික දාගන්න. මේ ටික හොඳට තෙම්පරාදු වෙනකොට ග්‍රීන්පීස් ටික එකතු කරන්න. දැන් මේකට වතුර කෝප්පයක් දාලා ලුණු හා ගම්මිරිස් කුඩු දාගන්න. කොත්තමල්ලි හා මිංචි කොළ එකතු කරන්න. ග්‍රීන්පීස් හොඳට තැම්බිලා වතුර ටිකක් හිඳෙන්න දෙන්න. දැන් ළිපෙන් වතුර පෙරළා ග්‍රීන්පීස් ටික බ්ලෙන්ඩර් කරගන්න. බ්ලෙන්ඩ් කරගත් පේස්ට් එක පිරිසුදු රෙදි කෑල්ලකට දාලා පෙරා ගන්න. ඉන්පසුව මේ පෙරාගත් පේස්ට් එකට උණුවතුර කෝප්පයක් දාලා තළාගත් කොත්තමල්ලි කොළ ටිකත් දාලා නැවත ළිපේ තියන්න. උඩින් ෆ්‍රෙෂ්ක්‍රීම් ටිකක් දාගන්න. සුප් එක උතුරනකොට ළිපෙන් බාගන්න.