Tuesday, May 14, 2024
Follow Us
ග්‍රීන්පීස් පරාතා

අවශ්‍ය ද්‍රව්‍ය

ග්‍රීන්පීස් කෝප්ප 1 1/2ක්

කොත්තමල්ලි කොළ ස්වල්පයක්

ඉඟුරු කෑල්ලක්

අමුමිරිස් කරල් 2ක්

වතුර මේසහැඳි 2ක්

පාන්පිටි කෝප්ප 2ක්

සූදුරු තේහැඳි 1ක්

ගරම් මසාලා තේහැඳි 1/2ක්

ලුණු ස්වල්පයක්

තෙල් තේහැඳි 2ක්

බ්ලෙන්ඩර් එකට ග්‍රීන්පීස්, කොත්තමල්ලි කොළ, ඉඟුරු, අමුමිරිස් හා වතුර දාලා ස්මූත් පේස්ට් එකක් හදාගන්න. වෙනම බෝල් එකකට පාන්පිටි ටික දාලා ඒකට සූදුරු, ගරම් මසාලා, ලුණු හා තෙල් දාලා හොඳට කලවම් කරගන්න. මේකට බ්ලෙන්ඩ් කරගත් ග්‍රීන්පීස් පේස්ට් එකත් දාලා වතුර මේසහැඳි 2ක් වගේ දාලා හොඳට අනලා ස්මූත් ඩෝ එකක් හදාගන්න. දැන් මේකෙන් පොඩි බෝල හදලා තුනීකරලා පෑන් එකට දාලා දෙපැත්තෙම තෙල් ගාලා පුලුස්සා ගන්න.

 

-Tharunie