Sunday, April 28, 2024
Follow Us
පැණි වරකා ජෑම්

සාමාන්‍යයෙන් වෙළෙඳපොළේවත් ගන්න නැති ජෑම් වර්ගයක් තමයි පැණි වරකා ජෑම්.

දේශීය පලතුරක්නේ පැණි වරකා කියන්නෙ. දැන් පැණි වරකාවලිනුත් ජෑම් හදන්න පුළුවන්. මේ ජෑම් එක හදන්න ඇට ඉවත් කරලා බ්ලෙන්ඩ් කරගත් වරකා ග්‍රෑම් 500ක් අවශ්‍යයි. ඒ වගේම සීනි ග්‍රෑම් 350ක් සහ දෙහි යුෂ මේස හැඳි 1ක් ඕනෙ කරනවා.

දෑන් පෑන් එකකට බ්ලෙන්ඩ්කරගත් වරකා සහ සීනි දාලා හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ.

එය ළිප තියලා මඳ ගින්දරේ දියාරු ගතිය නැති වනතුරු හැඳිගාගන්න. අවසානයට දෙහි යුෂත් එකතු කරගෙන මිශ්‍ර කරගන්න.

අවසානයේ නිවුණු ජෑම් විෂබීජහරණය කළ භාජනවලට දමා ශීතකරණයේ තබන්න.

Tharunie