Sunday, April 28, 2024
Follow Us
අඩු තෙල් ඊසි බටු මෝජු

තෙල් අඩුවෙන් කන්න කැමති නැත්නම් එයා ෆ්‍රයර් අවන් වල බටු බැදල මෝජු එහෙම හදපු විශේෂයෙන්ම ලංකාවෙ අය දැන් එයා ෆ්‍රයර් භාවිතය අවම කරල ඇති කරන්ට් බිල් නිසා.


තෙල් මේස හැඳි තුනකින් වගේ බටු මෝජුවක් ගැඹුරු තෙලේ හැදුව වගේම හදන්න පුලුවන් .
වම්බටු ග්‍රෑම් 250ක් සෝදල පිරිසිදු කරල තරමක කෑලි කපන්න.
කහ සහ ලුනු එකතු කරල ඉඩ තියෙන නන්ස්ටික් පෑන් එකකට තෙල් මේස හැඳි තුනක් වගේ දාල බටු ටික බැදගන්න.
ඉඩ තියෙන එකක් කිව්වෙ මේක එක එක උඩ එක කෑලි තිබිල බැදෙන්න තරම් තෙල් ප්‍රමාණයක් නෑනෙ.
බටු එක 60/70% විතර බැදෙනකොට හාල්මැස්සො 20ක් විතර ලුනු පොඩ්ඩක් එකතු කරලම දාන්න බටු එකට.ඒකත් හිමීට ඒ තෙල් එකෙන්ම කවලම් කරමින් බදින්න .
ඒ අතරෙ සුදුලූනු බික් 1ක්, අබ ඇට තේ හැඳි කාලක්, ඉඟුරු පොඩි කෑල්ලක්, කුරුඳු පොඩි කෑල්ලක්,එනසාල් කරලක් හොඳට තලා ගන්න.
හාල්මැස්සො ටික බැදෙනකොට අමුමිරිස් , රම්පේ ,කරපින්චා , බීලූනු හෝ රතුලූනු එකතු කරල අනික්ව වගේම බැද ගන්න.
අඹරාගත් සුදුලූනු අබ එකට විනාකිරි ,මිරිස් කුඩු ටිකක්, සීනි එහෙම නැත්නම් රට ඉඳි හෝ චට්නි වර්ගයක් ගන්න පුලුවන් . එකතු කරල හොඳට කවලම් කරන්න .
අවශ්‍ය නම් වතුර පොඩ්ඩක් දාන්න. ඔක්කොම දේවල් අවශ්‍ය ගානට බැදුනම විනාකිරි මිශ්‍රණය දාල තව විනාඩි කීපයක් බටු එක හොඳට දැවටිලා එනකන් කවලම් කරල ලිපෙන් බාන්න.
කිසිම වෙනසක් නෑ ගැඹුරු තෙලෙ බැදල ගන්න මෝජුව එක්ක. එයා ෆ්‍රයි කළාම එහෙම එන කරවෙලා වගේ ගතිය නෑ. දවස් දෙකකින් කෑවත් හොඳටම තියෙනව .

 

Cooked by INDI