Sunday, April 28, 2024
Follow Us
පොඩ්ඩන්ට ෆ්‍රයිඩ් චීසි බ්‍රෙඩ් ස්නැක්
පොඩ්ඩො තමයි ගොඩක්ම ආස හැබැයි ලොක්කන්ටත් ඉතින් කැලරි ටිකක් වැඩිපුර කන්න ඕන නම් හොඳ ස්නැක් එකක් මේක.

චිකන් බ්රෙස්ට් ග්රෑම් 100/150ක් වගේ ලුනු ගම්මිරිස් දාල තම්බල පොඩිවර තීරු ඉරා ගන්න. ඔයාගෙ බබා ගොඩක් පොඩි නම් මේක හොඳට ග්රයින්ඩ් කරල ගන්න. කෑලි නැතුව . මම දුවට අවුරුද්දෙදි වගේ දෙනකොට දුන්නෙ එහෙම.

පාන් පෙති හයක් අරන් වාටි කපල රෝලින් පින් එකකින් හොඳයි තුනී වෙන්න රෝල් කරන්න.
.ඊටපස්සෙ ඒක උඩ චීස් ස්ලයිස් එකක් තියල ඒ උඩ චිකන් තියල තව චීස් ස්ලයිස් එකකින් වහල උඩින්ම පාන් පෙත්තකින් වහල වටේට වතුර පොඩ්ඩක් ගාල හොඳට සීල් කරන්න .
බිත්තර දෙකක් ලුනු පොඩ්ඩක් දාල පොඩ්ඩක් බීට් කරල පාන් එක බිත්තර සාරු එකේ දවටල ඊටපස්සෙ බිස්කට් කුඩු දවටල ගැඹුරු තෙලේ එහෙමත් නැත්නම් තෙල් පොඩ්ඩක් දාල පෑඅ එකේ එහෙමත් නැත්නම් අවන් බේක් හෝ එයාර් ෆ්රයර් එකේ ෆ්රයි කර ගන්න.
පොඩිම බබාලට නම් බටර් පොඩ්ඩකම ෆ්රයි කරන්න එතකොට තවත් රසයි.
චිකන් වෙනුවට බේකන් දැම්මම මේක ගොඩක්ම රසයි. ලොකු අයට නම් ඉතින් තව අමුමිරිස් තක්කාලි එහෙමත් දාල කටට සැරය හදා ගන්න පුලුවන් .
අවුරුද්දෙ කාලෙදි වගේ ඕක තීරු තීරු කපක දුන්නම බබාල ෆින්ගර් ෆුඩ් එකක් වගේ හෙමීට කනව.