Sunday, April 28, 2024
Follow Us
තන්දූරි චිකන් ඇන්ඩ් චීස් බන්

ඔයා නිර්මාංශී කෙනෙක් නම් චිකන් පාවිච්චි නොකර රසට අල ටිකක් තෙල් දාගෙන නැත්නම් චීස් විතරක් දාල උනත් හදන්න පුලුවන් .


හොඳම දේ තමයි මේ බනිස් එක ෆිලින් එකක් නැතුව උනත් ගොඩාක් රස වගේම සොෆ්ට් ..හරියටම බ්‍රියෝශ් එකක් වගේ. ඉන්දියන් පාවො භාජි එකට එන පාවො එකත් වගේ.
මුලිම්ම පාන් පිටි ග්‍රෑම් 300කට ඉන්ස්ටන්ට් ඊස්ට් තේ හැඳි 1 1/2ක්, (ඇක්ටිව් ඩ්‍රයි ඊස්ට් නම් ගනේ ඇක්ටිවේට් කරල ගන්න) බටර් ග්‍රෑම් 50ක්, ලුනු තේ හැඳි 1/2ක්, සීනි මේස හැඳි 1 1/2ක්, යෝගට් හෝ කර්ඩ් මේස හැඳි 2ක්, කිරිපිටි මේස හැන්දක් සහ සීනි මේස හැන්දක් දාල කවලම් කරන්න. ඊටපස්සෙ මේක මම ඇනුවෙ ෆ්‍රෙශ් මිල්ක් වලින්.මට 200ml වගේ අවශ්‍ය උනා. ඒක එකපාරට නොදා බලල එකතු කරන්න .ඩෝ එක නීඩ් කරන්න කලින් අනිවාර්යයෙන්ම ඩෝ එකේ රස බලන්න . ඉයා ගන්න යෝගට් එක් අනුව ඇඹුල වැඩි වෙන්න පුලුවන් . එහෙම උනොත් තව සීනි පොඩ්ඩක් දාන්න.නැත්නම් රස නෑනෙ.ඊටපස්සෙ මේක අනන්න ඕන.මේ ඩෝ එක මාලුපාන් එකට එහම වඩා දියාරු වැක්කෙරෙන ඩෝ එකක්. වතුර ප්‍රමාණය වැඩී. ඒනිසා ඇලෙනවත් වැඩී. එහෙම කියල පිටි එකතු කරන්නෙපා. අතේ තෙල් පොඩ්ඩක් ගාගෙන අනන්න. ඩෝ එකේ දියාරු ගතිය අඩු කලොත් බන් එක සොෆ්ට් නෑ
ස්ටෑන්ඩ් මික්ස්චර් එකේ ස්පීඩ් එක 2 ට දාල විනාඩි 10ක් ඇනුවම ඇති .අතේ නම් අනනෙ පටියක් වගේ වැටෙන ගානට ගන්න .
ඩෝ එක අනල උඩින් පිටි පොඩ්ඩක් ඉහල වහාල් තියන්න ඩබල් සයිස් වෙන්න.
කටු රහිත චිකන් 400g ක් අරන් කෑලි කපල ඒකට ඉඟුරු සුදුලූනු පේස්ට්, දෙහි ඇඹුල්, ලුනු , මිරිස් කුඩු, ගරම් මසාලා යෝගට් මේස හැන්දක් ,කහ ටිකක් දාල පැය බාගයක් මැරිනේට් කරල තෙල් ටිකක් දැම්ම පෑන් එකක් රත් කරල අරන් ඒක උයා ගන්න. මට අමතක උනා මේකෙ අන්තිමට කොත්තමල්ලි කොල දාන්න. එහෙම දැම්මම තව රසයි..
චිකන් එකේ වතුර ගතිය සම්පූර්ණයෙන්ම හිඳෙන්න උයාගන්න.
ඊටපස්සෙ චිකන් කෑලිටික හොඳට පොඩි කරල ගන්න.
ඩබල් සයිස් උන ඩෝ එකේ වාතය ඉවත් කරල කොටස් 10කට කඩල බෝල කරන්න. ඒක බේකින් ට්‍රේ එකකම ඔයිල් පේපර් එකක් දාල ඉඩ තියල අහුරන්න. මේකත් ඩබල් සයිස් වෙනකන් වහල තියන්න..ඒකට නම් විනාඩි 15/20ක් යන්නෙ.
ඊටපස්සෙ පිපුන ඩෝ බෝල එකින් එක අරන් අත් වල පිටි පොඩ්ඩක් ගාගෙන අඟල් තුනක් වගේ ඩයමීටර් එකක් එන්න තුනී කරල චිකන් එකෙන් මේස හැඳි දෙකක් සහ මොසරැල්ලා හෝ චෙඩාර් චීස් මේස හැන්දක් තියල ආයිම වටේ ටික එකට එකතු කරල ඩෝ එක බොලයක් වෙන්න රවුම් කරගන්න.
.ඒකත් විනාඩි 15/20ක් පිපෙන්න තියල උඩින් එග්වොශ් කරල කැමති නම් තල ඇට හෝ නයිජෙලා සීඩ්ස් ටිකක් ඉහල අංශක 200ට ප්‍රීහීට් කළ අවන් එකක විනාඩි 15/20 ක් නැත්නම් උඩින් අවශ්‍ය පාට එනකන් බේක් කරන්න. අවන් එකෙන් ගත්ත ගමන්ම උඩින් බටර් බ්‍රශ් කරල සම්පූර්ණයෙන්ම නිවෙනකන් වහල තියන්න.
වෙජිටේරියන් කෙනෙකුට එග්වොශ් එක වෙනුවට ෆ්‍රෙශ් මිල්ක් ටිකකට තේ කහට පොඩ්ඩක් මික්ස් කරල ගාන්න පුලුවන්.
INDI