Monday, April 29, 2024
Follow Us
චිකන් ටික්කා බිරියානි

චිකන් කිලෝවක් මෙතන. ගෙදර අයට අවශ්‍ය ගානට චිකන් ගන්න.ටික්කා හදන්නෙ බෝන්ලස් චිකන් වලින් උනත් අපි අකමැති නිසා මම සම්පූර්ණ කුකුලෙක් ගත්තෙ .


කෑලි ලොකුවට හෝ පොඩිවට කපල ඒකට යෝගට් හෝ කර්ඩ් මේස හැඳි 3ක්, ලුනු ,දෙහි ඇඹුල්, මිරිස් කුඩු මේස හැන්දක්, කහකුඩු තේ හැන්දක්, ගරම් මසාලා තේ හැන්දක්, කොත්තමල්ලි සහ සූදුරු කුඩු තේ හැන්ද බැගින්, තෙල් මේස හැන්දක්, ඉඟුරු සුදුලූනු පේස්ට් තේ හැන්දක් දාල හොඳට මසාජ් කරල මැරිනේට් කරන්න.ඊටපස්සෙ වැඩිම උෂ්නත්වයට අවන් එකේ පැය භාගයක් හෝ එයාර් ෆ්‍රයර් එකේ ඒත් නැත්නම් පෑන් එකක ලිපේ මේ මස් ටික ෆ්‍රයි කර ගන්න. පෑන් එකේ නම් තෙල් පොඩ්ඩක් දාල ශැලෝ ෆ්‍රයි කරන්න ගැඹුරු තෙල් එකේ නෙවේ.
බාස්මතී හාල් රයිස් කුකර් කප් දෙකක් සෝදල පෙඟෙන්න තියන්න.
ලොකු බීලූනු ගෙඩි තුනක් හීනිවට ලියලා රන්වන් පාට වෙනකන් බැද ගන්න. ලූනු කළු වෙන්න නොදී බදින්න. නැත්නම් තිත්තයි.
බිරියානි එක ලේයර් කරන භාජනේට යෝගට් මේස හැඳි 2ක්, ලොකු තක්කාලි ගෙඩියක්, කොත්තමල්ලි සහ මින්ට් කොල ටිකක්, ඉඟුරු සුදුලූනු පේස්ට් තේ හැන්දක්, ලුනු , දෙහි ඇඹුල්,ලූනු බැදපු එකෙන් තෙල් මේස හැන්දක්, මිරිස් කුඩු මේස හැන්දක්, කහ කුඩු තේ හ්හඳි 1/2,ක් ගරම් මසාලා තේ හැන්දක් සහ බැදපු ලූනු වලින් 3/4ක් දාල හොඳට මික්ස් කරල ලිපේ තියන්න.
අඩු ගින්දරේ මේ මසාලා එක තෙල් පෑදිලා ඉදෙන්න දෙන්න.
ඒ අතරෙ සූදුරු ටිකක්, බේලීෆ්, කුරුඳු කෑල්ලක් ,එනසාල් ටිකක් ,ලුනු සහ දෙහි කෑල්ලක් දාල උතුරවපු වතුර එකකට හාල් ටික දාල 75%ක් ඉදෙනකන් උයල වතුර පෙරන්න.
මසාල එක තෙල් පෑදෙනකොට ෆ්‍රයි කරගත් චිකන් කෑලි ටික දාන්න. ඒකෙන් ආව ජූස් වග්ව්ව් තියෙනව නම් ඒකත් දාන්න.නැත්නම් වතුර පොඩ්ඩක් දාල ග්‍රේවි එක ටිකක් හදල ගන්න. ලුනු ඇඹුල් බලල මදි නම් දාන්න.
මම මෙතනදි හෝල් ලෙග් කෑලි දෙක මසාල එකට දැම්මෙ නෑ බත එක්ක වෙනම සර්ව් කරන්න තියා ගත්තා.
ඊටපස්සෙ ලිප ඕෆ් කරල බත ලේයර් කරමු
මසාලා එකෙන් පොඩ්ඩක් අයින් කරන්න ලේයර්ස් දෙකක් දාන්න.
ග්‍රේවි එකට උඩින් බත් එකෙන් බාගයක් දාල බැදගත් ලූනු වලින් ටිකක්, කොත්තමල්ලි සහ මින්ට් කොල ටිකක් දාල අයින් කරගත් ග්‍රේවි එක දාල උඩින් ඉතුරු බත් ටික දාන්න.
ඊටපස්සෙ ඉතුරු ලූනු /මින්ට් සහ කොත්තමල්ලි කොළ දාල ෆොයිල් එකකින් හෝ හොඳට පියන වැහෙන පියනකින් වහල විනාඩි 15/20ක් අඩුම හීට් එකේ ස්ටීම් එකෙන් ඉතුරු බත් ටික ඉදෙනකන් උයා ගන්න.
රයිතා එකක් එක්ක සර්ව් කරන්න පුලුවන් මේ බිරියානි එක.

-Cooked by indi