Tuesday, September 22, 2026
Follow Us
පැණි රස පුඩිං හැබැයි සී නැතිව

අවශ්‍ය ද්‍රව්‍ය

කිතුල් හකුරු හෝ කිතුල් පැණි ග්‍රෑම් 250ක්

බිත්තර 5ක්

කිරි කෝප්පයක්

වැනිලා තේ හැන්දක්

බඳුනක් ගෙන කිතුල් පැණි, බිත්තර, කිරි සහ වැනිලා එකතු කර හොඳින් මිශ්‍ර කර ගන්න. දැන් මේ මිශ්‍රණය සුදුසු භාජනයක දමා විනාඩි 30ක් හුමාලයෙන් තම්බා ගන්න. ඉන්පසු ශීතකරණයේ තබා රස බලන්න.

 

-Tharunie