සීනි කියන්නේ කන්න ආස වුණොත් ඇබ්බැහි වන සුළු දෙයක්.
ඒත් අධික සීනි පරිභෝජනය දියවැඩියාව, ස්ථූලතාව වැනි ලෙඩ රෝග රැසකට අත වනනවා. ස්මාට් ලයිෆ්ස්ටයිල් එකකට පුරුදු වෙලා ඉන්න වර්තමානයේ බොහෝදෙනා සීනි පරිභෝජනය බොහෝම අවම කරලයි තියෙන්නේ. සීනි පරිභෝජනයෙන් වැළකුණු පසු කාන්තාවන්ටත් සමෙහි ගැටලු බොහොමයකින් හොඳ ප්‍රතිඵල ලැබුණු බවයි වැඩි දෙනෙක් කියන්නේ.

අද අපි මෙලෙසින් ඔබට ගෙන එන්නේ පැණි රස කන්න ආස හිතෙන වෙලාවට සීනි නැතුව පැණි රසට හදාගන්න පුළුවන් රෙසිපි කීපයක්. හදලා බලන්නකෝ...සීනි නැති නිසා හිතේ කරදරයක් නැතුව ඕනෙ කෙනෙක්ට රස බලන්න පුළුවනි.

සීනි නැති බිස්කට් 

පාන්පිටි කෝප්ප එකක්

ඇට සහ පොතු ඉවත් කළ රටඉඳි කෝප්පයක්

රටකජු කෝප්ප කාලක්

හොඳින් ඉදුණු කෙසෙල් ගෙඩියක්

බිත්තරයක්

උණු වතුර කෝප්ප කාලක්

බටර් තේ හැන්දක්

බේකිං පවුඩර් තේ හැන්දක්

වැනිලා ටිකක්

පළමුව අවන් එක සෙල්සියස් අංශක 175 ට රත් කරන්න. ඉන්පසු බෝල් එකක් ගෙන එයට පාන්පිටි, රටඉඳි, රටකජු, කෙසෙල් ගෙඩිය, කඩාගත් බිත්තරය, බටර්, බේකිං පවුඩර් සහ වැනිලා එකතු කරන්න. මෙයට උණු වතුර කෝප්ප කාලක් එකතුකර ගුලියක්වන සේ හොඳින් මිශ්‍ර කරමින් අනාගන්න. දැන් මේ මිශ්‍රණය පැය භාගයක් ශීතකරණයක තබා ගන්න. 

අනතුරුව මේ මිශ්‍රණය පිටතට ගෙන ලෑල්ලක් මතට දමා තුනී කරන්න. අවශ්‍ය හැඩයට කපා ගන්න. ඉන්පසු බේකිං ට්‍රේ එකක අතුරා විනාඩි 10ක් බේක් කරගන්න.