Sunday, April 20, 2025
Follow Us
අල ලූනු රොටිය

අවශ්‍ය ද්‍රව්‍ය

ලූනු ග්‍රෑම් 100

අල ග්‍රෑම් 150

කෑලි මිරිස් මේස හැඳි 1

පාන් පිටි ග්‍රෑම් 25

රස අනුව ලුණු

බැදගැනීමට තෙල්

සාදාගන්නා ආකාරය

අල සහ ලූනු පොතු හැර සිහින්ව ග්‍රේට් කර ගන්න. එම කැබලි හොඳින් මිරිකා එහි ඇති ජලය ඉවත් කරගන්න. පසුව මිරිකා ගත් අල, ලූනුවලට කෑලි මිරිස්, ලුණු එක් කරගන්න. මේ සියල්ල එකට මිශ්‍රකර තෙල් රත් වූ පෑන් එකකට රොටියක් සේ සකසා මද ගින්දරේ දෙපැත්ත පුළුස්සා ගන්න.