Friday, May 01, 2026
Follow Us
බිත්තර පැස්ටා

රාත්‍රී ආහාර වේලක් සඳහා පහසුවෙන් පිළියෙළ කර ගත හැකි බිත්තර පැස්ටා

අවශ්‍ය ද්‍රව්‍ය

පැස්ටා කෝප්ප 1

බිත්තර 3

තෙල් මේස හැඳි 1

රස අනුව ලුණු

ගම්මිරිස් කුඩු තේ හැඳි 1/4

කෑලි මිරිස් තේ හැඳි 1

සාදාගන්නා ආකාරය

පැස්ටා හොඳින් තම්බා වතුර පෙරා නිවෙන්න හරින්න. තෙල් රත් වූ පෑන් එකකට බිත්තර එකතු කර මිශ්‍ර කරගන්න. එයට තම්බාගත් පැස්ටා දමා තෙම්පරාදු කර ලුණු, ගම්මිරිස් හා කෑලි මිරිස් එකතු කර කලවම් කරගන්න.

Navaliya