Tuesday, April 23, 2024
Follow Us
එළවළු බත

ඉතාම පහසුවෙන් සාදාගත හැකි එළවළු බතක්

අවශ්‍ය ද්‍රව්‍ය

සම්බා හාල් කෝප්ප 4

වතුර අවශ්‍ය පමණට

බටර් මේස හැඳි 1

තෙල් මේස හැඳි 1

සිහින්ව කපාගත් ලූනු ගෙඩි 1/2

සිහින්ව කපාගත් කැරට් ගෙඩි 1

සිහින්ව කපාගත් ලීක්ස් කොළ ස්වල්පයක්

රස අනුව ලුණු

සාදාගන්නා ආකාරය

සාමාන්‍ය ආකාරය බත සාදාගන්න. තෙල් රත් වූ පෑන් එකකට ලූනු දමා රන්වන් පාට වනතෙක් බැදගෙන එයට කැරට්, ලීක්ස් සහ ලූණු එකතුකර තෙම්පරාදුව සාදාගන්න. සාදාගත් තෙම්පරාදුව බතට එකතු කර හොදින් කලවම් කරගන්න.

-Nawaliya