Saturday, April 20, 2024
Follow Us
පොල් කිරෙන් රස ගැන්වූ කහ බත්....

අවශ්‍ය ද්‍රව්‍ය :-

කිරි සම්බා 1 kg(මෙයට සම්බා බාස්මති වගේ සහල් වර්ගයක් ගත හැකිය)


බිලුනු ගේඩි1ක් සිහින්ව කපා ගන්න.
රම්පේ ලොකු කැබලි 1ක්
කරපිංචා ඉති 2 ක්
බත ඉදිමට අවශ්‍ය ප්‍රමාණයට පොල් කිරි(මේසදහා දිය කිරි,මිටි කිරි 2 ම ගන්න)
කහ කුඩු තේ හැදි 1/2 පමණ
ගම් මිරිස් ඇට මේස හැදි 1 ක්
කරබු නැටි 5 ක්
එනසාල් 4 ක්
අගල් 2 ක් පමණ කුරුදු කැබැල්ලක්
රස අනුව ලුනු කුඩු
බටර් හො මාගරින් මෙස හැදි3 ක්(පොල් තේල් උනත් ගත හැකිය)

සාදන ක්‍රමය:-

-පලමුව හාල් හොදින් සොදා වතුර බේරෙන්න තබන්න.

-රයිස් කුකර් එකේ බාජනය හෝ වෙනත් බාජනයක් ගෙන ලිපේ තබා එයට පොල්තෙල් තේ හදි 1/2 පමන දමා පසුව බටර් දමා ගන්න.

-එය රත් වි ගෙන එන විට කපා ගත් බිලුනු දමා ගන්න.

-පසුව රම්පේ, කරපිංචා,තලා ගත් එනසල්,කරබුනැටි,කුරුදු පොතු කැබැල්ල දමා ටිකක් රන් වන් පැහැය වන තුරු බදින්න.

-පසුව ගම්මිරිස් ඇට,කහ කුඩු,රස අනුව ලුනු කුඩු දමා කලවම් කරන්න.

-දැන් හාල් ටික දමා විනාඩි 5 ක් පමන කලවම් කර තබා බත ඉදි මට අවශ්‍ය පොල් කිරි ප්‍රමානය දමා ගන්න.

-බත බේරි නොවන සේ පිස ගන්න.

-පිලි ගන්වන අවස්තාවේ දී කුරුදු රම්පේ කැබලි ඉවත් කරන්න.

-පිලිගැන් විමේදි කහ බත සරසා ගැනිම සදහා ග්‍රින්පිස්,ගැබුරු තේලේ බැදගත් කජු,මුද්දරස්පලම්,බිලුනු,කරපිංචා උඩින් දමා ගන්න.

-කැම මේසය වර්නවත් කරගැනිමට පොල් කිරි මිශ්‍ර කහ බතක් මේ අකාරයට ඔබත් සදා රස බලන්න.