Wednesday, May 01, 2024
Follow Us
රස වගේම ගුණ මඤ්ඤොක්කා කොළ මැල්ලුම

බත්පතට රසය වාගේම පෝෂණ ගුණයත් එකතු වෙන්න නම් කොළ මැල්ලුමක් ඕනෙමයි. ගුණාත්මක බව රැකෙන පරිදි විවිධ රසයට කොළ මැල්ලුම් සකස් කෙරේ. ඒ අතරින් කලවම් පලා මැල්ලුමට වැඩිදෙනෙකු බොහෝ රුචිකත්වයක් දක්වන අතර කලවම් පලා මැල්ලුම වගේම රසවත් මේ මඤ්ඤොක්කා කොළ මැල්ලුම කෙතරම් අපූරුදැයි බලන්න.

* නොමේරූ මඤ්ඤොක්කා කොළ

* තිබ්බටු ගෙඩි ස්වල්පයක්

* පොල්තෙල් ස්වල්පයක්

* රස පදමට ලුණු

* සුදු ලූනූ බික් දෙකක්

* වියළි මිරිස් කරල් දෙකක්

* හාල්මැස්සන් ඔළු කිහිපයක්

මේ සඳහා මඤ්ඤොක්කා ගස්වල නොමේරූ කොළ කඩා ගන්න. අනතුරුව එම කොළවල නැටි ඉවත්කර හොඳින් සෝදා ගන්න. තෙත් ස්වාභාවය නැතිවෙනතුරා ටික වේලාවක් තබන්න. හොඳින් තෙත හිඳී ගිය පසු වංගෙඩියක බහා හොඳින් කොටගන්න. මෙහිදී මඤ්ඤොක්කා කොළ ටික ඉතාමත් සියුම්ව කොටා ගැනීමට වග බලා ගන්න. මඤ්ඤොක්කා කොළ භාගයට කොටාගත් පසු ඊට තිබ්බටු එක්කර කොටා ගැනීමෙන් මෙය සිහින්ව කොටා ගත හැකියි. දැන් බඳුනක් ළිප තබා ඊට ජලය ස්වල්පයක් දමන්න. එයටම රස පදමට ලුණු එක්කරන්න. ඉන්පසු කොටාගත් මඤ්ඤොක්කා කොළ එක්කර හොඳින් මලවා ගන්න. අවශ්‍ය නම් ඔබට ගම්මිරිස් කුඩු ස්වල්පයක් ද එක්කර ගත හැකියි. හොඳින් මැලවුණු පසුව බඳුන ළිපෙන් බිමට බා ගන්න. දැන් වෙනත් බඳුනක් ළිප තබා පොල්තෙල් ස්වල්පයක් දමාගන්න. රත්වු තෙලට සෝදා පිරිසුදු කරගත් හාල්මැස්සන්ගේ හිස් (ඔළු), සුදුලුනු, කඩාගත් වියළි මිරිස් කරල් දමා තෙම්පරාදු කරගන්න. ඉන්පසුව හොඳින් මලවාගත් මඤ්ඤොක්කා කොළ ටික එයට එක්කර ළිපෙන් ඉවතට ගන්න