Tuesday, May 21, 2024
Follow Us
කොල්ලු ව්‍යංජනය

කොල්ලු යනු ඉතාමත් ගුණදායක ධාන්‍යයකි. ඒ නිසාම දේශීය වෙදකමට ද මේ කොල්ලු භාවිත කෙරේ. ඇතැම් ප්‍රදේශවල මෙය තම්බා ආහාරයට ගන්නා මුත් ඌව පළාතේ කොල්ලු සකසා ගන්නේ ව්‍යංජනයක් ලෙසිනි.

කොල්ලු ග්‍රෑම් 250ක්

මිරිස් කුඩු තේ හැඳි 02ක්

කහ ස්වල්පයක්

රස පදමට ලුණු

තක්කාලි ගෙඩියක්

සුදුලූනු බික් දෙකක්

රතුලූනු හෝ බී ලූනු ගෙඩියක්

අබ සහ වියළි මිරිස් කරල්

දෙකක්

රම්පේ, කරපිංචා

පොල්තෙල් ස්වල්පයක්

කොල්ලු ඇට සෝදා ගරාගෙන වැලි ඉවත්කර ගතයුතුය. ඉන්පසු අව්වේ වියළා ගන්න. එසේ වියළා පිරිසුදු කරගත් කොල්ලු ඇට බඳුනක් ළිප තබා රන්වන් පාටවන තෙක් බැදගන්න. ඉන්පසු බ්ලෙන්ඩරයක හෝ මිරිස් ගලක ආධාරයෙන් යම් තරමකට කෑලි සිටින සේ අඹරා ගන්න. දැන් මැටි බඳුනක් ළිප තබා තෙල් ස්වල්පයක් දමා රත් කරගන්න. රත් වූ තෙලට කපාගත් සුදුලූනු ,බී ලූනු, මිරිස් කරල් කෑලි කිහිපයක් එක්කර තෙම්පරාදු කරගන්න. අනතුරුව කැබලිකරගත් කොල්ලු පිටි එක්කරගන්න. කරපිංචා සහ තක්කාලි ගෙඩියත් කපා ඊට එක්කර ගන්න. මිරිස් කුඩු හා ලුණු , කහ එකතු කරන්න. කොල්ලු පිටි උකුවන තෙක් හැන්දකින් කවලම් කරන්න. උකු බවට පත්වු පසුව ළිපෙන් බිමට ගන්න.

Tharunie