Tuesday, May 21, 2024
Follow Us
බොන්න බොන්න ආස හිතෙන මොක්ටේල්

කොක්ටේල් සමගින්ම කියවෙන වචනයක් මොක්ටේල්. සමහරුන් කොක්ටේල්වල වගේම මොක්ටේල්වලත් මධ්‍යසාර අඩංගුව ඇතැයි කියා මොක්ටේල් එකක් අතට ගනිද්දි දෙවරක් හිතන්න පෙලඹෙනවා.

මොක්ටේල් එකක් යනු ඇල්කොහොල් නොමැති පලතුරු යුෂ සහ වෙනත් රසවත් දෑ අඩංගු දිව පිනා යන බීම වර්ගයක්. මොක්ටේල් එකක් මේ මේ විදිහට සෑදිය යුතු යැයි කියා නියමයක් නැහැ. මේ සඳහා පිළියෙල කරන්නාගේ නිර්මාණශීලීත්වය අනුව විවිධ දෑ එකතු කරන්න පුළුවන්.

හැම විටම නැවුම් පලතුරු එකතු කළොත් මොක්ටේල් එකක රසය වැඩි වේවි. මේ සඳහා අයිස් එකතු කළ යුතුමයි. සාමාන්‍යයෙන් මොක්ටේල් එකක් පිළිගන්වන්නේ නිර්මාණශීලී සැරසිල්ලක් යොදාගෙනයි. දෙහි පෙත්තක්, පලතුරු කෑල්ලක්, ඖෂධ පැළෑටියක් මේ සඳහා භාවිත කළ හැකියි.

අඹ සහ ඇඹුල් කෙසෙල් මොක්ටේල්

* අඹ ගෙඩියක්

* ඇඹුල් කෙසෙල් ගෙඩියක්

* අයිස් වතුර කෝප්පයක්

* සීනි තේ හැඳි හතරක්

* ලුණු

* අයිස් කැට

* කපාගත් අඹ හා කෙසෙල් බ්ලෙන්ඩ් කරගන්න.

* එයට සීනි, අයිස් වතුර හා ලුණු අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න.

* වීදුරුවකට අයිස් කැට දමා ඉහත මිශ්‍රණය එයට එක්කර අලංකාරය සඳහා කුඩා අඹ පෙත්තක් ගසා පිළිගන්වන්න.

------------------------

ලෙමනේඩ් මොක්ටේල්

ලෙමනේඩ් බෝතල් එකක්

* දෙහි ගෙඩි 5 ක යුෂ

* තැඹිලි වතුර අඬු කෝප්ප දෙකක්

* සීනි අවශ්‍ය පමණ

* කරදමුංගු කුඩු ස්වල්පයක්

* දෙහි පෙති කිහිපයක්

* අයිස් කැට කිහිපයක්

* වීදුරු හතරකට අයිස් කැට දමා එයට ලෙමනේඩ් එකතු කරගන්න.

* වෙනත් කෝප්පයකට දෙහි යුෂ හා තැඹිලි එකතුකර සීනි, කරදමුංගු කුඩු දමා එය පෙරා අයිස් කැට දැමූ වීදුරු 4 ට වත්කර එම වීදුරු මත දෙහි පෙති ගසා අලංකාර කර පිළිගන්වන්න.

ඉදිරිපත් කිරීම :

නවලෝක රෝහලේ

ආහාර හා බීම වර්ග පිළිබඳ කළමනාකරු,

විධායක සූපවේදී ඇලන් ගැරයින්

 

Tharunie