Thursday, March 28, 2024
Follow Us
කඩලවලින් ගෙදර හදන පෝෂණීය කෑම බීම

ධාන්‍ය වර්ග කියන්නෙ ලොකු පොඩි කවුරුත් ඒ තරම්ම ආසාවෙන් කන දෙයක් නම් නෙමෙයි. නමුත් ඒවා ආස හිතෙන විදිහට හැදුවොත් කන එක නවත්තන්න බැරිවෙයි. අද අපි ගෙනාවෙ කඩල විවිධ රසයෙන් හදාගන්න පහසු ආහාර වට්ටෝරු කිහිපයක්. ඔබත් මේ රසවත් ආහාර සකසා දෛනික ආහාර වේලට වෙනසක් එක් කරගන්න අමතක කරන්න එපා.

උපදෙස්

විධායක සූපවේදී සුජිත් ආරියරත්න

කඩල සුප්

කඩල ග්‍රෑම් 200ක්

කැරට් අලයක්

අර්තාපල් අල ගෙඩියක්

රස අනුව ලුණු ස්වල්පයක්

ගම්මිරිස් කුඩු ස්වල්පයක්

පළමුව රැයක් පෙඟෙන්නට දැමූ කඩල, වතුර දමා තැම්බෙන්න තියන්න. ශුද්ධ කර ගත් අර්තාපල් අල ගෙඩිය හා කැරට් අලයත් තම්බගන්න.

ඉන්පසු තැම්බුණු කඩල ටික ගෙන  හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න. තම්බාගත් අල හා කැරට් කෑලි සිටින සේ බ්ලෙන්ඩ් කර ගන්න. 

කඩල සහ බ්ලෙන්ඩ් කරගත් අල, කැරට් එකට කලවම් කරගෙන ලුණු හා ගම්මිරිස් එකතු කර රස බලන්න. උකු වැඩි නම් තව උණුවතුර එක්කරන්න. 

-----------------------------------

කඩල සලාදය

තම්බා බැදගත් කඩල කෝප්ප 1ක්

කපාගත් ලූනූ ගෙඩි 1ක්

කපාගත් තක්කාලි ගෙඩි 1ක්

තලාගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක්

රස අනූව ලුණු

ගම්මිරිස් කුඩු

දෙහි යුෂ ස්වල්පයක්

මුලින්ම කපාගත් ලූනූ, තක්කාලි, කොත්තමල්ලි කලවම් කරගන්න. ඉන්පසු එයටම කඩල ටිකත් දාගන්න. ඊළඟට ලුණු, ගම්මිරිස්කුඩු හා දෙහි යුෂ ස්වල්පයක් දමා අනාගන්න. අවශ්‍යනම් සලාද කොළ කිහිපයක් තබා සරසා ගන්න. දැන් මෙය පිළිගන්වන්න.