අවශ්‍ය ද්‍රව්‍ය
අන්නාසි ගෙඩි 1/2 (කුඩාවට කැබැලි කපාගත්)
ඊස්ට් තේ හැඳි 1/2ක්
සීනි ග්‍රෑම් 500ක්
ජලය මි. ලී. 500ක්
කුරුඳුපොතු කැබැලි 2 ක්
එනසාල් ඇට 2ක්
සාදන ක්‍රමය
මුලින්ම වතුර සීනි කලවම් කරන්න.
එයට අන්නාසි දමා නැවත කලවම් කරන්න.
දැන් එයට ඊස්ට් එකතු කරන්න. මේ මිශ්‍රණය බෝතලයක දමා කට ගැටගසා බඳින්න.
දින 12ක් පල්වෙන්න තබන්න. පළමු දින 4 දී සෑම දිනකම බෝතලය හොඳින් සොලවන්න.
ඊට පසු හොඳ පෙරහනකින් පෙරා ගන්න.
තව දින 10ක් පල් වෙන්න තබන්න.
පසුව බෝතල්වලට අසුරා ගන්න.
Tharunie