විව්ධ රසට කුකුළු මස් රස බලන්න කැමැති ඔබට පිරවූ චිකන් වින්ග්ස් වෙනස්ම රසයක් එක් කරාවි. චිකන් වින්ග්ස් හොඳි වර්ග වල වුව ද දවටා රස බැලිය හැකිය. අඹ චට්නි හොඳි ඒ සඳහා හොඳින් ගැලපේ.
අවශ්‍ය මෙන්න මේවායි.
(ග්‍රෑම් 400ක් පමණ )
අඹරන ලද කුකුළු මස් ග්‍රෑම් 150ක්
සීසන් කර ගැනීම සඳහා (Marinade)
සෝයා සෝස් තේ හැඳි 1ක්
ලුණු තේ හැඳි 1/4ක්
සීනි තේ හැඳි 1/2ක්
ලූණු තේ හැඳි 1/2ක්
තල තෙල් තේ හැඳි 1/2ක්
ගම්මිරිස් ඇටයක්
චිකන් වින්ග්ස් සීසන් කර ගැනිම සඳහා (Marinade)
ඉඟුරු යුෂ තේ හැඳි 2ක්
සෝයා සෝස් තේ හැඳි1/2ක්
ගම්මිරිස් ඇටයක්
මී පැණි තේ හැඳි 1ක්, ජලය තේ හැඳි 2ක් සමඟ මිශ්‍ර කර
මෙන්න මෙහෙම හදා ගනිමු
චිකන් පියාපත් හොඳින් පිරිසුදු කර අනවශ්‍ය කොටස් ඉවත් කරන්න. අඹරන ලද Marinade සමඟ චිකන් හොඳින් මිශ්‍ර කර ගන්න. මෙම මිශ්‍රණයට (ජැමෙයිකානු ජර්ක් සීසනික් මිශ්‍රණය) මී පැණි තේ හැඳි 2/3ක් ද එකතු කරන්න. අවම වශයෙන් විනාඩි 30ක් පමණ ශීතකරණයේ තබන්න. එය තෙල් ස්වල්පයක් එකතු කර දුඹුරු පැහැ වනතුරු පිසගන්න. දැන් ඉතිරි මී පැණි මිශ්‍රණය චිකන් පියාපත් පුරා ආලේප කරන්න.
Tharunie