Monday, April 21, 2025
Follow Us
පකෝඩා හදමු

අවශ්‍ය ද්‍රව්‍ය-


කඩල පිටි කොප්ප 1
රුලං කොප්ප 1/2
තම්බා ගත් පොඩි කරගත් ලොකු අල ගෙඩි කොප්ප 1 /2
කොත්තමල්ලි කොළ මේස හැඳි 2
ළූණු ගෙඩි 1
ඉඟුරු කෑල්ලක්
රස අනුව ලුණු
අමුමිරිස් කරල් 1
කහකුඩු තේ හැඳි 1/4
තුනපහකුඩු තේ හැඳි ¼
සූදුරු ඇට තේ හැඳි 1/4
මිරිස් කුඩු තේ හැඳි 1
යෝගට් මේස හැඳි 3
වතුර කොප්ප 1/4
සාදන ක්‍රමය:-
බෝල් එකක් අරගෙන ඒකට කඩල පිටි, රුලං, පොඩිකර ගත් අල, කොත්තමල්ලි කොළ, සිහින්ව කපා ගත් ළූණු, ඉගූරු, ලුණු කුඩු, සිහින්ව කපා ගත් ළූණු, අමුමිරිස්, කහකුඩු, සූදුරු ඇට, මිරිස් කුඩු, යෝගට් දාලා හොඳින් කලවම් කරන්න.
ඒකටම වතුර ටික ටික දාලා හොඳින් කලවම් කරන්න. හොඳින් වහලා විනාඩි 15 ක් විතර තියන්න.
නන්ස්ටික් පෑන් එකක් අරගෙන රත් වෙන්න තියන්න. ඒකට කලින් සදා ගත් මික්ස් එකෙන් ටික ටික හැන්දකින් තැනින් තැනට දාන්න. අඩුම රස්නෙන් විනාඩි 2ක් 3ක් විතර පියනකින් වහල පිසගන්න.
තැම්බුනාම වැඩි ගින්නෙන් රන්වන් පැහැවන තුරු පෑන් ෆ්‍රයි කරගන්න.
Garlic and Ginger