Tuesday, April 23, 2024
Follow Us
අළු කෙසෙල් පොතු මිශ්‍ර සෝයා මීට් ඩෙවල්

සෝයා මිට් තම්බා අවශ්‍ය නම් රසකාරක මිශ්‍රණය තවරා ගන්න.

සිහින්ව ලියාගත් අළු කෙසෙල් පොතු

අබ ස්වල්පයක්

කපාගත් සුදු ලූනු, බී ලූනු හා

තක්කාලි

තක්කාලි සෝස් මේස හැන්දක්

බටර් ස්වල්පයක්

කෑලි මිරිස්

පදමට ලුණු

 

මුලින්ම භාජනයක් ළිපේ තියා බටර් ස්වල්පයක් දාන්න. ඒකට අබ පුපුරුවලා සුදු ලූනු, බී ලූනු හා තක්කාලි දමා හැන්දෙන් එහා මෙහා කරමින් තෙම්පරාදු කරන්න. ඒ අතර තක්කාලි ටික හැන්දකින් හොඳින් පොඩි කරන්න. ඒකටම අළු කෙසෙල් පොතු හා සෝයා මීට් එකතු කර තවත් ටික වෙලාවක් ළිපේ තියන්න. තක්කාලි සෝස් හා කෑලි මිරිස් එකතු කර ලුණු පදම බලා අවශ්‍ය නම් එකතු කරන්න.

Tharunie