Friday, April 19, 2024
Follow Us
වම්බටු කරි

වම්බටු ගෙඩි 4-5ක්

තක්කාලි ගෙඩියක්

බී ලූනු ගෙඩියක්

අබ ස්වල්පයක්

සූදුරු ස්වල්පයක්

උළුහාල් ස්වල්පයක්

තළාගත් ඉඟුරු ස්වල්පයක්

සුදු ලූනු

කරපිංචා

අමු මිරිස්

මිරිස් කුඩු, කහ කුඩු, තුනපහ

අවශ්‍ය පමණ

ගරම් මසාලා (අවශ්‍ය නම්)

කොත්තමල්ලි කොළ ස්වල්පයක්

ලුණු කුඩු රස අනුව

වම්බටු ටික පොඩියට කපාගන යන්තම් වගේ බැදගන්න. තක්කාලි ගෙඩියක්, බී ලූනු ගෙඩියක් වෙනම අරන් හොඳට පේස්ට් එකක් වගේ වෙනකන් ග්‍රයින්ඩ් කරගන්න.

දැන් භාජනයකට තෙල් ටිකක් දමා රත් වූ විට අබ, සූදුරු, උළුහාල්, තළාගත් ඉඟුරු, සුදුලූනු, කරපිංචා, අමු මිරිස් සියල්ලම දමා රන්වන් පාට වූ විට මිරිස් කුඩු, කහ කුඩු, තුනපහ ටිකක් ගරම් මසාලා (කැමැති නම්), කොත්තමල්ලි කොළ කීපයක්, ලුණු කුඩු දමා යන්තම් බැදීගන එද්දි තක්කාලි පේස්ට් එක දාන්න. දැන් පියනකින් වසා මඳගින්නේ ටිකක් තියන්න. අන්තිමට බටු ටික දමා හොඳට මිශ්‍ර කරගන්න. මේ කරිය හරිම රසයි.

Tharunie