Wednesday, April 24, 2024
Follow Us
හාල් පිටි මුරුක්කු

මේ සඳහා හාල් පිටි විතරයි ගන්නේ. වෙන මුකුත් පිටි වර්ග එකතු කරන්නේ නැහැ.

හාල් පිටි කිලෝග්‍රෑම් 1ක් (කඩේ හාල් පිටි ගත්තේ)

බිත්තර 1ක්

කහ කුඩු ස්වල්පයක්

මිරිස් කුඩු ස්වල්පයක්

ලුණු අපේ රස අනුව

මිශ්‍රණය සඳහා පොල් කිරි මිලිලීටර් 500ක් (අඩු වැඩි වෙන්න පුළුවන්. මිටි කිරිවලට දිය කිරි ටිකක් විතර කලවම් කරලා ගන්න. ගොඩාක් දිය කිරි දාන්න එපා. පොල් කිරි ටිකක් උණු වතුරෙන් හදා ගන්න.)

හාල් පිටිවලට බිත්තරය, ලුණු, කහ කුඩු, මිරිස් කුඩු එකතු කර ගන්න. සැරට ඕනේ ගොඩාක් මිරිස් කුඩු දාන්න එපා. තේ හැඳි කාලක් විතර සෑහේ. මොකද තෙලේ බදින්න කලින් නේ මේ ඔක්කොම දාන්නේ ඒකයි. නැත්නම් ටිකක් අමුතු රසක් එනවා වැඩි වුණොත්. ලුණු එකවර ගොඩාක් වැඩි කර ගන්න එපා. රස මදි නම් ටිකක් පස්සේ අනනකොට දාන්න පුළුවන්.

දැන් මේ මිශ්‍රණය පොල් කිරි ටික ටික එකතු කරමින් මිශ්‍ර කර ගන්න. හරියට ඉඳි ආප්පවලට හදන මිශ්‍රණය වගේ පිටි මෝලිය එන්න ඕනෑ.

ඊට පස්සේ මේක එකින් එකට මුරුක්කු හැඩේට වක් කර ගෙන තෙලේ බැද ගන්න. ගොඩාක් අය ෆොයිල් පේපර්වලට වක් කරලා තමයි තෙලට දාන්නේ. ඒත් ඒකට ගොඩාක් වෙලා යනවා. පහසු ක්‍රමයට වෙලාව අපතේ නොයවා තෙල් හැන්දට තමයි මුරුක්කු ලස්සනට රවුමට වක් කරන්නේ. ඊට පස්සේ හැන්ද පිටින් තෙලට එක් කරනවා. එතකොට තෙල් විසික් වෙන්නේ නෑ.

රන්වන් පාට වුණාම තෙලෙන් අයින් කර ටිෂූ පේපර් තියෙන ප්ලේට් එකකට දා ගන්න. එච්චරයි ගින්දර අඩු හරි මධ්‍යම හරි තියා ගන. මොකද වැඩි ගින්නේ බැද ගත්තොත් ඇතුලේ බැදෙන්නේ නෑ නේ ඒකයි .

මුරුක්කු හදන්න ගන්න උපකරණ තියෙනවා. ඒ වෙනුවට ඉඳි ආප්ප වංගෙඩියෙනුත් අයිසිං නොසල් සෙට් එකෙනුත් මුරුක්කු ගන් එකෙනුත් හදන්න පුළුවන්.

Tharunie