Friday, April 26, 2024
Follow Us
චිකන් ගුලැෂ්

ඔලිව් ඔයිල් මේස හැඳි 2ක්

බටර් මේස හැඳි 1ක්

රටලූනු ගෙඩි 2ක් (සිහින්ව ලියාගත්)

සුදුලූනු බික් 5ක් (සිහින්ව ලියාගත්)

කහ බෙල් පෙපර් ගෙඩි 1ක් (සිහින්ව ලියාගත්)

තක්කාලි ගෙඩි 3ක් (කොටු කපාගත්)

චිකන් බ්‍රෙස්ට් ග්‍රෑම් 750ක් (කොටු හැඩයට කපාගන්න)

ලුණු රස පදමට

තළාගත් ගම්මිරිස් කුඩු

තේ හැඳි 1ක්

ෆ්‍රෙෂ් ක්‍රීම් කෝප්ප 1ක්

පැප්රිකා පවුඩර්

 

 

බඳුනක් ළිප තබා බටර් සහ තෙල් දමා රත් කර, ලූනු එකතු කර රන්වන් පැහැ වනතුරු විනාඩි 5ක් පමණ තෙම්පරාදු කරගන්න. එයට සුදුලූනු එකතු කර තව විනාඩියක් පිසගන්න. පසුව එයට බෙල්පෙපර්, පැප්රිකා පවුඩර් එක් කර තව විනාඩි 5ක් පමණ පිස එයට තක්කාලි සහ චිකන් එකතු කර අවශ්‍ය පමණ ලුණු දමා තව විනාඩි 5ක් පිසගන්න. ඉන්පසු ගමිමිරිස් කුඩු සහ වතුර කෝප්ප 3ක් එකතු කර හොඳින් වසා විනාඩි 5ක් පිසගන්න.

අවසාන වශයෙන් ළිපෙන් බා ගත් චිකන් ගුලෑෂ් එක බෝල්ස්වලට දමා උඩින් ක්‍රීම් දමා, බත්, පස්තා හෝ පාන් සමඟ පිළිගන්වන්න. මෙය පස් දෙනකුට පමණ සෑහේ.

Tharunie