Saturday, March 07, 2026
Follow Us
ඉතා පහසු ග්‍රීන් සැලඩ්

ඩ්‍රෙසිං එක සඳහා

ඔලිව් ඔයිල් කෝප්ප ¼ක්

ලෙමන් යුෂ මේස හැඳි 2ක්

රටලූනු ග්‍රෑම් 30ක්

මී පැණි මේස හැඳි 2ක්

විනාකිරි මේස හැඳි 1ක්

 

මේ සියලු දෑ බෙලෙන්ඩර් එකට දමා කැට නොවන්නට ඉතා හොඳින් බ්ලෙන්ඩ් කරගන්න.

 

සලාදය සඳහා

 

කොළ පාට පිපිඤ්ඤා ගෙඩි 2ක්

සලාද කොළ ග්‍රෑම් 300ක්

සැල්දරි ඉත්තක්

තක්කාලි ගෙඩි 2 ක්

කොළ පාට ඇපල් ගෙඩි 1 ක්

පාස්ලි ග්‍රෑම් 50ක්

 

මේ සියලු ද්‍රව්‍ය තරමක් ලොකුවට කපා තසිමක දමා සාදාගත් ඩ්‍රෙසිං එක සමඟ පිළිගන්වන්න.

**************************
Tharunie