Monday, April 21, 2025
Follow Us
කොස් ඇට අග්ගලා

නැවුම් කොස් ඇට 20ක් විතර

සූරා ගත් කිතුල් හකුරු හෝ සීනී

රස පදමට

පොල් ටිකක්

ලුණු ස්වල්පයක්

මුලින්ම කොස් ඇට ටික පොත්ත පිටින්ම වතුර ටිකක් දමා මඳක් තම්බා ගන්න. පොත්ත පුපුරනකම් තැම්බුණාම ඇති. දැන් කොස් ඇට ටික සුදුසු භාජනයකට දමා ගින්දර අඩුවෙන් විනාඩි 15ක් විතර හැන්දෙන් එහා මෙහා කරමින් කබලේ බදින්න. ගොඩක් කර වෙන්න දෙන්න එපා.

කබලේ බැදගත් කොස් ඇටවල පොත්ත අයින් කර ගන්න. කබලේ බැද ගත් විට පොත්ත අයින් කරන්න ලේසියි. දැන් පොතු අයින් කර ගත් කොස් ඇට ටික වං ගෙඩියේ හෝ ග්‍රයින්ඩරයේ දමා කොටා ගන්න. කොස් ඇට පොඩ්ඩක් කෑලි හිටින්න කොටා ගන්න. එය භාජනයකට දාන්න.

හකුරු හෝ සීනි එක්ක පොල් ටික දමා ආපහු වං ගෙඩියේ කොටා ගන්න. මෙයත් කොටාගත් කොස් ඇට මිශ්‍රණයට දමා අතින් හොඳින් මිශ්‍ර කරන්න. එයටම ලුණු ස්වල්පයක් එකතු කරන්න. ත්‍රිපෝෂ බෝල හදනවා වගේ කුඩා බෝල හදා ගන්න.

Tharunie