Monday, April 21, 2025
Follow Us
කෙසෙල්බඩ පපඩම්

කෙසෙල් බඩ කිව්වාම අපිට ටිකක් අමුත්තක් දැනෙනවා. ඒත් අපේ පැරැන්නන් කෙසෙල් කැනක් කපා ගෙට ගන්නකොට අමතක නොකර කෙසෙල් බඩෙත් කපාගෙන ආවේ වස විස නැති, රෝග රැසකට ගුණදායක කෑමක් බව දන්න නිසයි.

මේ කෙසෙල් බඩ පිටි බැටර් එකේ තවරලා හදපු අලුත් විදිහක්. මෙය බත් සමඟ හෝ සෝස් වර්ගයක් සමඟ ස්නැක් එකක් විදිහට දරුවන්ට වුවත් රස විඳින්න පුළුවන් කෑමකි.

නැවුම් කෙසෙල් බඩ කෑල්ලක් (අළු කෙසෙල් හෝ ඇඹුල් කෙසෙල් ගන්න)

පාන් කුඩු

බැදීමට තෙල්

පාන් පිටි මේස හැඳි 2ක් සහ කෝන්

පිටි මේස හැඳි 2ක්

ගම්මිරිස් කුඩු හා මිරිස් කුඩු

ස්වල්පය බැගින්

ලුණු කුඩු ඔබේ රස පදමට

බිත්තරයක්

 

මුලින්ම කෙසෙල් බඩ කෑල්ලේ පොතු හැර සිහින් පෙති කපා ගන්න. ඒවා විනාඩි 10ක් පමණ කහ මිශ්‍ර ලුණු වතුරේ තබා වතුර පෙරා ගන්න. එවිට එහි කහට ගතිය යනවා. බැටර් එකට අවශ්‍ය සියලුම දේවල් භාජනයකට දමා වතුර ටික ටික එකතු කරමින් තරමක් දියාරු මිශ්‍රණයක් හදා ගන්න.

කෙසෙල් බඩ පෙති එකින් එක පිළිවෙළින් බැටර් එකේ සහ පාන් කුඩුවල තවරා පිඟානක අසුරා ගන්න.

එයින් එකවර 5ක් පමණ තෙලට දමා මඳ ගින්දරේ රන්වන් පැහැ වනතුරු බැද ගන්න. බත් සමඟ හෝ අවශ්‍ය නම් සෝස් වර්ගයක් සමඟ උණුවෙන්ම රස විඳින්න

Tharunie