Monday, April 21, 2025
Follow Us
ගොටුකොළ තේ

මෙය රාත්‍රියට නින්ද නො එන අයට කදිම බෙහෙතකි. අපේ රටේ ඉතාමත් සරුවට වැඩෙන ගොටුකොළ තෙතමනය ඇති ස්ථානවල බහුලව දැකිය හැකියි.

"හීං ගොටුකොළ" සහ "මහ ගොටුකොළ" ලෙස මෙහි ප්‍රභේද දෙකකි. අපේ පැරැන්නන් ගොටුකොළ හැඳින්වූයේ දීර්ඝායුෂ ලබාදෙන හා නුවණ වඩවන ස්වාභාවික දිව්‍යමය ඖෂධයක් ලෙසයි.

මතක ශක්තිය වැඩි කිරීමට මෙන්ම මොළයේ සෛල වර්ධනයට, ස්නායු හා රුධිර සංසරණ ක්‍රියාවලිය යහපත්ව පවත්වාගෙන යාමටත්, ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමානුකූලව පවත්වාගෙන යාමටත්, ශරීරයේ තුවාල සුව වීමේ වේගය ඉහළ දැමීමටත් ගොටුකොළවලට හැකි බව පොතපතේ සඳහන් වේ.

නැවුම් ගොටුකොළ 10ක් පමණ (හීං ගොටුකොළ නම් වඩාත් සුදුසුයි)

වතුර කෝප්ප 2ක්

පිරිසුදු කරගත් ගොටුකොළ ටික භාජනයකට දමා වතුර කෝප්ප දෙක සමඟ මඳ ගින්නේ උතුරුවා ගන්න.

වතුර එක් කෝප්පයක ප්‍රමාණය වන විට වතුර පෙරා රාත්‍රී නින්දට පෙර උණුවෙන්ම පානය කරන්න.

Tharunie