Friday, March 29, 2024
Follow Us
දර ලිපේ  ??  තම්බපු පාන් ..

නැතිදේවල් ගැන දුක්වෙවී හිටියොත් සතුටුවෙන්න තියන අවස්ථා මග හැරෙයි..


පාන් ගිනි ගණන්
කන්නත් ආසයි
අපෙ අම්මාගෙ ඉල්ලීමට
පොඩි උත්සහයක්
දර ලිපේ
??
තම්බපු පාන් ..
මේක හදනකොට කරන්ට් නෑ. පාන් තැටියක් නෑ. පොල් තෙලුත් නෑ .කලින් ගෙනාව පිටි ටිකකුයි. යීස්ට් ටිකකුයි ඉතුරු තිබුණා.පොප් කෝන්වලට ගෙනාපු තල තෙල් ටිකක් හම්බුණා . ඒක පොල් තෙල්වෙනුවට ගත්තා . කේක් තැටියක් පාන් තැටියක් කරගත්තා ?
කොහොම හරි රසට ආවා..
මේක රෝස්ට් පාන් වෙන්න නම්.පාන්වල දෙපැත්තත් කබලක තියලා හරි ටිකක් පුච්චගන්න ඕන.පිටි 600 g කින් පාන් අටක් හැදුවා.
අහිංසක සතුටක් ?
පාන් පිටි 600 g
යීස්ට් තේ හැදි 2
සීනී මේස හැදි 2
තෙල් මේස හැදි 5
මද රස්නෙ වතුර
ලුණු
ඔක්කොම අනන්න. වතුර ටික ටික දාලා ඩෝ එක අනලා. ඒකෙ තෙල් ටිකක් ගාල පිපෙන්න තියන්න පැය බාගයක් වගේ ඊට පස්සෙ බෝල හදලා .ආයෙ පැය බාගයක් තියනවා. ඒවා මම ඔය පොටෝවල දාල තියන්න්වා වගේ තුනී කරගන තෙල් මේස හැදි දෙකකට පිටි ටිකක දාලා කලවම් කරලා. ඒකෙන් එකක් උඩ ගානව. ආයෙ පිටි ගුලියක් තුනි කරලා ඒක අර ගාපු එක උඩ තියනව. ඒකෙත් අර විදිහට ගාලා තව එකක් තියනව. එහෙම තියලා. වැලි දාලා රත් කරපු හට්ටියක ට්‍රේ එක දාලා විනාඩි40 ක් වගේ පුච්චගන්නව. දෙපැත්ත රෝස්ට් කරගන්න ඕනනම් පෑන් එකක් ලිපේ තියෙලා දෙපැත්ත දාලා ගන්න පුලුවන් . ?