Saturday, March 07, 2026
Follow Us
කොස් කොළ පපඩම්

ළපටි කොස් දලු

කිහිපයක් (ළා කොළ

පැහැති ඒවා ගන්න)

පාන් පිටි මේස හැඳි 2ක්

රුලං මේස හැන්දක්

(රුලං අවශ්‍යම නෑ. බැටර් එකට රුලං එකතු කළ විට ක්‍රිස්පි ගතිය වැඩියි)

ලුණු

ගම්මිරිස් කුඩු

බිත්තරයක්

බැදීමට තෙල්

පාන් කුඩු

 

 

කොස් කොළ ටික ලුණු වතුරෙන් සෝදා වතුර බේරා ගන්න. පාන් පිටි, රුලං, ලුණු හා බිත්තරය එකතු කර පිටි බැටර් එක ගොඩක් ඝනකම නැතුව හදා ගන්න. දැන් පරිස්සමෙන් එක කොස් කොළය බැගින් අරන් පාන් පිටි බැටර් එකේ දමා බිස්කට් කුඩු තවරා ගැඹුරු තෙලේ රන්වන් පාට වෙනකම් අඩු ගින්දරේ බැද ගන්න.

උණුවෙන් රස විඳින්න. බත් එක්ක කන්න නියමයි.

Tharunie