Tuesday, December 16, 2025
Follow Us
රතැඹුල සම්බෝලය

කෙසෙල් මුව රතු පොතු 3 - 4ක්

උම්බලකඩ ග්‍රෑම් 50ක්

රතුලූනු ග්‍රෑම් 250ක්

පොල් තෙල් බෝතල් 1/2ක්

දෙහි ගෙඩි 5ක්

ලුණු කුඩු අවශ්‍ය ප්‍රමාණයට

කරපිංචා කිනිති 2 - 3ක්

කෑලි මිරිස් ග්‍රෑම් 50ක්


කෙසෙල් මුව, රතුලූනු, කරපිංචා සෝදා වතුර බේරෙන්න තබන්න.

කෙසෙල් මුව පතුරු ටික සිහින්ව ලියා ගන්න. රතුලූනු හා කරපිංචා හා සිහින්ව ලියාගන්න. බඳුනක් ළිප තබා තෙල් දමා රත්කර කෙසෙල් මුව ගැඹුරු තෙලේ බැද තෙල් බේරෙන්නට දමන්න. ලියාගත් රතුලූනු, කරපිංචා, ලුණු කුඩු, කෑලි මිරිස්, උඹ්බලකඩ එකම භාජනයකට දමා කලවම් කර කෙසෙල් මුව බැදගත් තෙල්වලින් ස්වල්පයක් දමා කරවෙන තුරු බැදගන්න. එයට බැදගත් කෙසෙල් මුව ටික එකතු කර ළිපෙන් බා දෙහි යුෂ එක්කර පළිගන්වන්න.

 

පී. එම්. ආර්. පී. මැණිකේ

ගල්පාය
Tharunie