Monday, May 06, 2024
Follow Us
චොකලට් බිස්කට් පුඩිම

පොඩිත්තන් ආසම කරන තවත් අපූරු අතුරුපසක් තමා චොකලට් බිස්කට් පුඩිං කියන්නේ. ගොඩාක් අය විවිධ ක්‍රමයට වාගේම විවිධ රසයටත් පුඩිං සකසා ගන්නවා. ඉතින් අපි මේ විදිහටත් හදල රස බලමු.

අවශ්‍ය ද්‍රව්‍ය

* මාරි බිස්කට් පැකට් 1ක්

* අයිසින් සීනි කෝප්ප 1ක්

* විපින් ක්‍රීම් ග්‍රෑම් 400ක්

* වැනිලා තේ හැඳි 1-2ක්

* ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප 2ක්

* කෝපි හෝ චොකලට් කුඩු

ස්වල්පයක්

* ගා ගත් කුකිං චොකලට්

ස්වල්පයක්

* චොකලට් රසකාරක තේ හැඳි

2ක්

* කොකෝවා පවුඩර් තේ හැඳි 2ක්

සාදාගන්නේ මෙහෙමයි

* විපින් ක්‍රීම් ටික බඳුනකට දමා අයිසින් සීනි එකතු කරමින් පදම එනතෙක් බීට් කරන්න.

* එයට වැනිලා එකතු කරන්න.

* චොකලට් රසකාරකය තේ හැඳි දෙකක් සමඟ කොකෝවා පවුඩර් තේ හැඳි 1-2 ක් ද එකතු කරන්න .

* දැන් වෙනත් බඳුනක් ගෙන කෝපි හෝ චොකලට් කුඩු, ෆ්‍රෙෂ් මිල්ක් එකට එකතු කරලා මිශ්‍ර කරන්න.

* මාරි බිස්කට් එහි පොඟවාගන්න.

* තරමක් දිගු හැඩයේ බඳුනක් හෝ කුඩා කප් කිහිපයක් ගෙන පොඟවා ගත් බිස්කට් තට්ටුවක් පැතලි තට්ටුවක් ආකාරයට අසුරන්න.

* ඊට උඩින් විපින් ක්‍රීම් තට්ටුවක් දමන්න.

* දැන් ආයිමත් බිස්කට් තට්ටුවක් දමන්න.

* මේ ආකාරයට මාරුවෙන් මාරුවට විපින් ක්‍රීම් තට්ටුවක්, බිස්කට් තට්ටුවක් වශයෙන් තට්ටු කිහිපයක්ම දමාගන්න.

* අවසාන විපින් තට්ටුවට උඩින් ග්‍රේට් කරගත් චොකලට් ස්වල්පයක් ඉස සරසා ගන්න.

* පුඩිම සකසා අවසානයේ ශීතකරණයේ පැය 2 ක් පමණ තබා පසුව ආහාරයට ගන්න.

(Tharunie)