Monday, May 06, 2024
Follow Us
සීතලම සීතල අයිස් කෝපි

කොයිතරම් නම් රසකැවිලි වාගේම කෙටි කෑම තිබුණත් පිපාසය සංසිඳවන්න පානයක් ඕනෙමයි. ඒ හින්දා පුංචි පැටවු වැඩියෙන්ම ආසා කරන අයිස් කෝපි හදන්නයි මේ සූදානම.

අවශ්‍ය ද්‍රව්‍ය

* නෙස්කැෆේ මේස හැඳි 04 ක්

* උණු වතුර කෝප්පයක්

* හොට් චොකලට් පවුඩර් මේස හැඳි 02ක්

* ෆ්‍රෙෂ් මිල්ක් ලීටරයක්

* කුඩු කරගත් කරාබු නැටි 5 -6ක්

* එනසාල් 5 -6ක්

* රස අනුව සීනි ( අවශ්‍ය නම් ඒ වෙනුවෙන් මිල්ක්මේඩ් ටින් 1/2ක් පමණ පාවිච්චි කරන්නත් පුළුවනි. )

* වැනිලා මේස හැන්දක්

සාදන්නේ මෙහෙමයි

* මුලින්ම නෙස්කැෆේ ටිකට උණු වතුර එකතු කරලා හොඳට කෝපි එකක් සාදා ගන්න.

* ඉන්පසුව එයටම කුඩු කරගත් කරාබු නැටි , එනසාල් එකතු කර ළිප තබා මඳ ගින්නේ තබමින් හැඳිගාන්න.

* හොට් චොකලට් පවුඩර් මේස හැඳි දෙකකුත් එකතු කරන්න.

* සුවඳ හමන විට බඳුන ළිපෙන් පිටතට ගෙන පෙරා ගන්න.

*ෆ්‍රෙෂ් මිල්ක් ටික වෙනම සාස්පානක දමා රත් කරන්න. බුබුළු දමාගෙන එනකොට ළිප නිවා පෙරා ගත් කෝපි මිශ්‍රණය ඒකට එකතු කරන්න.

* රස අනුව සීනි එකතු කරන්න. නැතිනම් මිල්ක් මේඩ් එක් කරන්න.

* වැනිලා ටිකකුත් එකතු කරන්න.

* නිවෙන්නට තබා පෙරාගෙන ශීතකරණයට දමන්න.

*මේ අයිස් කෝපි ඒවෙලේම පාවිච්චි කරනවා නම් අයිස් කැට එකතු කරලා බ්ලෙන්ඩර් කරන්නත් පුළුවනි.

* නමුත් දවසකට දෙකකට කලින් වගේ හදලා තියා ගත්තොත් රස වැඩියි.

(Tharunie)