Tuesday, May 07, 2024
Follow Us
රසම රස බිත්තර සැන්ඩ්විච්

පාටියක් කිව්වහම සැන්ඩ්විච් නම් නැතිවම බැහැ. බලන්න හරිම ලේසියෙන් පහසුවෙන් හදාගත්ත මිශ්‍රණයක් තමයි මේ සැන්ඩ්විච් සඳහා භාවිත කරලා තියෙන්නෙ.

අවශ්‍ය ද්‍රව්‍ය

 

* බිත්තර 4-5ක්

* බටර් ග්‍රෑම් 100ක්

* කුඩාවට කපාගත්ලොකු ලූනු ගෙඩි 1/2ක්

* චීස් ස්ප්‍රෙඩ් මේස හැන්දක්

* මයොනිස් මේස හැන්දක්

* පොඩියට කපා ගත් සැල්දරි කැබැල්ලක්

* ලුණු, ගම්මිරිස් ‍රස අනුව

 

සාදාගන්නේ මෙහෙමයි

* බඳුනක් ගෙන එයට බටර්, ලුණු, ගම්මිරිස් , කුඩාවට කපාගත් ලූනු , මයොනිස්, චීස් ආදිය දමා මිශ්‍ර කරන්න.

* බිත්තර තම්බලා , කහමදය වෙනම ගෑරප්පුවකින් පොඩි කරගන්න .

* ඔබ මේ මිශ්‍රණය පොඩ්ඩක් සැරට හදාගන්නවා නම් අමු මිරිස් කරල් 2-3ක් හීනියට කපලා එකතු කරගත හැකියි.

 

* දැන් මෙයට බටර් මිශ්‍රණයත් එකතු කරන්න. කපා ගත් සැල්දරි කැබැල්ලත් එකතු කරන්න.

* බිත්තර සුදු මදය වෙනම පොඩි කෑලි සිටින සේ පොඩි කර එයත් එකතු කරන්න.

මේ සියල්ලම හොඳට කලවම් කරගන්න.

* ඊට පස්සේ පාන් පෙතිවල මේ මිශ්‍රණය හොඳින් තවරා ඔබ කැමැති හැඩතල අනුව කපාගන්න. අවශ්‍ය නම් කටර් එකකින් වුවද කපාගත හැකියි.

(Tharunie)