Thursday, April 25, 2024
Follow Us
ලාවුලු පුඩිං (Egg Fruit/Canistel Fruit Pudding)

වසවිස නැති රස ඉතිරෙන ලාවුලු පුඩිමකි. ලාවුලු වැනි පලතුරු ගස් යට නිකරුණේ ඉදී කුණු වී යන්න නොදී ඔබත් මෙවැනි කෑම සකසා පවුලේ පෝෂණය සුරකින්න.

අවශ්‍ය ද්‍රව්‍ය

ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප 3ක්

වතුර ස්වල්පයක් එක් කර පේස්ට් එකක් වගේ පොඩි කරගත් ඉදුණු ලාවුලු ගෙඩියක මදය

සුදු සීනී ඔබේ රස පදමට

කෝන් පිටි මේස හැඳි 4ක්

ලුණු ස්වල්පයක්

කජු කැබලි ටිකක්

බටර් තේ හැන්දක්

හදා ගන්නේ මෙහෙමයි,

මුලින්ම කිරි කොප්ප 2ක් සීනීත් සමඟ Non stick භාජනයකට දමා හැඳි ගාමින් මඳ වේලාවක් උණු කරන්න. (උතුරුවන්න එපා) තවත් භාජනයකට කෝන් පිටි හා ලුණු දමා හැන්දකින් මිශ්‍ර කර ඉතිරි කිරි කෝප්පයෙන් ටික ටික එකතු කරමින් කෝන් පිටි කිරිවල හොඳින් දිය කර ගන්න.දැන් ඒ මිශ්‍රණය උණු කරගත් කිරි එකට පෙනේරයකින් පෙරා නැවතත් මඳ ගින්දරේ ළිපේ තබා හැඳි ගාමින් උණු කරන්න.

ඒත් එක්කම එයට ලාවුලු මදය එකතු කර අඩිය අල්ලන්න නොදී අඩු ගින්දරේ උකු වෙනකම් හැඳි ගාන්න. උකු වෙනකොට ළිප ඕෆ් කරන්න (ලාවුලු කැබලි තිබුණාට ප්‍රශ්නයක් නෑ) ළිපෙන් ගත් පුඩිං මිශ්‍රණයට බටර් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.

දැන් සුදුසු ඩෙසර්ට් කප්වල දමා උඩින් කජු කැබලි දමා කූල් වෙන්න ෆ්‍රිජ් එකේ තියන්න.

(ඔබට මෙහි ප්‍රමාණ දෙගුණ කර ගන්න පුළුවන්.)

මෙය උණුවෙනුත් කන්න පුළුවන් රසවත් අතුරුපසකි.

(Tharunie)