Saturday, March 07, 2026
Follow Us
එළවළු චොප්සුයි

අවශ්‍ය ද්‍රව්‍ය :

* කැරට් ග්‍රෑම් 100 ක්

* ගෝවා ග්‍රෑම් 100 ක්

* බෝංචි ග්‍රෑම් 100 ක්

* බී ලූනු ගෙඩි 1ක්

* සීනී තේ හැඳි 1 /2 ක්

* සෝයා සෝස් මේස හැඳි 1 ක්

* ඔයිස්ටර් සෝස් මේස හැඳි 2 ක්

* තෙල් මේස හැඳි 1 ක්

* රස අනුව ලුණු

 

සාදන ආකාරය :

 

* භාජනයක් ළිප තබා තෙල් එක්කර හොඳින් රත්කර ගන්න.

* තෙල් රත් වූ පසු කපා ගත් බී ලූනූ, කපා ගත් කැරට්, බෝංචි හා ගෝවා එක්කර ඉහළ තාපයකින් තත්පර කිහිපයක් පිස එයට සීනී, සෝයා සෝස්, ඔයිස්ටර් සෝස් හා රස අනුව ලුණු එක්කර රස බලන්න.

(Tharunie)