අවශ්‍ය ද්‍රව්‍ය
බිම්මල් පැකට් 1ක්
කෝන්ෆ්ලා කෝප්ප කාලක්
හාල්පිටි කෝප්ප කාලක්
පාන්පිටි කෝප්ප කාලක්
ලුණු පින්ච් එකක්
ගම්මිරිස්කුඩු මේස හැඳි 1/2ක්
කහකුඩු තේ හැඳි 1/2ක්
ගරම්මසාලා ස්වල්පයක්
බිස්කට් කුඩු
බැදගැනීමට තෙල්
සාදන ක්‍රමය
පළමුව බිම්මල් ටික ගෙන හොඳින් සෝදා වතුර මිරිකලා හරින්න. ඉන්පසු දිග තීරු වලට ඉරා ගන්න.
දැන් බෝල් එකක් අරගෙන ඒකට කෝන්ෆ්ලා, පාන්පිටි, හාල්පිටි, කහකුඩු, ගම්මිරිස්කුඩු, ගරම්මසාලා, ලුණු දාලා කලවම් කරගන්න. වතුර ටික ටික එකතු කරමින් ඝන බැටර් එකක් හදාගන්න.
තීරු වලට ඉරාගත් හතු මේ බැටර් එකේ දමා බිස්කට් කුඩු තවරගෙන ගැඹුරු තෙලේ බැදගන්න.
(Tharunie)