Friday, April 19, 2024
Follow Us
සෝයා බීන් කර්ඩ්/ටෝෆු තෙම්පරාදුවක්

ටෝෆු රසවත් ලෙස සකසන තවත් ක්‍රමයකි මේ.

අවශ්‍ය වන්නේ
ටෝෆු පැකට් එකක්

තළාගත් ගත් සුදු ලූනු, කපාගත් බීලූනු, අමු මිරිස් හා හොඳින් ඉදුණු තක්කාලි

කෑලි මිරිස් හා අබ ස්වල්පයක්

සෝයා සෝස් මේස හැන්දක්

තක්කාලි සෝස් මේස හැන්දක්

සුදු තල ඇට ස්වල්පයක්

 

හදන්නේ මෙහෙමයි

 

මුලින්ම ටෝෆු කෑල්ල කොටු ආකාරයට කැබලි කපා ගන්න.

දැන් නොන්ස්ටික් පෑන් එකකට තෙල් ටිකක් දමා රත් කර ටෝෆු කෑලි ටික පරිස්සමෙන් දමා කැඩෙන්නේ නැතිවෙන්න පොඩ්ඩක් දුඹුරු පැහැ වෙනකම් දෙපැත්ත හරවා බැද ගන්න. ඊට පස්සේ ඒ ටික තෙල් බේරෙන්න තියන්න.

දැන් භාජනයක් ළිප තබා එයට තෙල් ටිකක් දමා රත් වෙනකොට අබ පුපුරුවා ගන්න. එයටම සුදු ලූණු හා තක්කාලි දමා තෙම්පරාදු කරන්න. ඒ ගමන් තක්කාලි ටික හැන්දකින් පොඩි කරන්න.

එයටම බැද ගත් ටෝෆු ටික හැර ඉතිරි සියලුම දේවල් ටික දමා තවත් ටික වෙලාවක් තෙම්පරාදු කර ගන්න.

ඊට පස්සේ ටෝෆු ටික දමා හැන්දකින් හෙමින් මිශ්‍ර කරන්න. අවසානයට තල ඇට ටික එකතු කරන්න.

(Tharunie)