Wednesday, April 24, 2024
Follow Us
සෝයා අයිස්ක්‍රීම්

අපි ගෙදර දී ම සෝයා අයිස්ක්‍රීම් සකසා රස විඳිමු.

අවශ්‍ය වන්නේ

සෝයා කිරි මිලිලීටර් 100ක්

හොඳින් කූල් කරගත් විපිං ක්‍රීම් කෝප්පයක් (ග්‍රෑම් 225ක්)

කිරිපිටි ග්‍රෑම් 50ක්

අයිසිං සීනී ග්‍රෑම් 150ක්

චොකලට් රසට අවශ්‍ය නම් කොකෝ පවුඩර් ග්‍රෑම් 75ක් හෝ වැනිලා රසට අවශ්‍ය නම් වැනිලා තේ හැන්දක්

 

හදන්නේ මෙහෙමයි

 

නොන්ස්ටික් භාජනයක් ළිපේ තියා සෝයා කිරි මඳ ගින්නේ රත් කරන්න.

දැන් එයට අයිසිං සීනී, කිරිපිටි හා කොකෝ පවුඩර් එකතු කර මිශ්‍රණය උකු වෙනකම් හැඳි ගාන්න. ඝන වූ පසු මිශ්‍රණය නිවෙන්න තියන්න.

දැන් හොඳින් කූල් කරපු විපිං ක්‍රීම් ඉලෙක්ට්‍රික් බීටරයකින් බීට් කරන්න. මිශ්‍රණය Foam එකක් වගේ වූ පසු නවත්තන්න. කලින් නිවාගත් මිශ්‍රණය හා විපිං ක්‍රීම් එකට දමා හැන්දකින් කලවම් කරන්න. අවශ්‍ය නම් කජු එකතු කර ගන්න පුළුවන්. මෙම සෝයා අයිස්ක්‍රීම් මිශ්‍රණය පැය 5ක් පමණ අධිකරණයේ තබා රස විඳින්න.

(Tharunie)