Friday, April 26, 2024
Follow Us
සෝයා කිරි

සෝයා කිරි පෝෂණය පිරුණු රසවත් පානයකි. ඒත් බොහොමයක් දෙනා සෝයා කිරි හදන්න දන්නෙ නෑ. ඒ අයටයි මේ අවස්ථාව.

අවශ්‍ය වන්නේ

සෝයා ඇට කෝප්පයක්

වතුර කෝප්ප 5ක්

පිරිසුදු දුහුල් රෙදි කඩක්

 

හදන්නේ මෙහෙමයි

සෝයා ඇටවලට වතුර කෝප්ප 2ක් දමා රැයක් පෙඟෙන්න තියන්න. පහුවදාට හොඳින් වතුර බේරා වතුර කෝප්ප 2ක් දමා ළිපේ තබා විනාඩි 5ක් පමණ උණු කරන්න.

නිවුණාට පසු ආපහු ඒ වතුර ටික පෙරා තවත් වතුර කෝප්ප 5ක් දමා හොඳින් බ්ලෙන්ඩ් කරන්න.

දැන් සිහින් රෙදි කඩකට දමා මිරිකා සෝයා කිරි පෙරා රොඩ්ඩ (ඔකාරා) ඉවත් කරන්න.

කිරි මිශ්‍රණය ළිපේ තියන්න පුළුවන් (Nonstick එකක් නම් හොඳයි) භාජනයකට දමා හරියටම පැය භාගයක් හැඳි ගාමින් අඩු ගින්දරේ උතුරුවා ගන්න.

ලුණු ස්වල්පයක්, වැනිලා ස්වල්පයක් හා අවශ්‍ය නම් සීනි එකතු කර බීමට ගන්න පුළුවන්. ශීතකරණයේ තබා කූල් කර බොන්නත් පුළුවන්. රස ගුණ පිරි පානයක්.


(Tharunie)