Friday, April 26, 2024
Follow Us
සෝයා මීට් ගෙදර හදමු

ගොඩක් දෙනෙක් කඩේ තියෙන සෝයා මීට ගෙනත් හදලා කනවා. තවත් අය කඩේ තියෙන සෝයා මීට් කන්න කැමැති නෑ. ඒත් අපි ඔක්කොටම පුළුවන් සෝයා මීට ගෙදර දී ම හදාගන්න. මෙන්න තියෙනවා සෝයා ඇටවලින් සෝයා මිට් හදන ක්‍රමය. එහෙමනම් ඔබත් ගෙදර දී ම සෝයා මීට් මෙලෙස සකසා ගන්න.

අවශ්‍ය වන්නේ

සෝයා ඇට කෝප්පයක්

මිරිස් කුඩු හා තුනපහ කුඩු ඔබේ රස අනුව

ලුණු කුඩු ස්වල්පයක්

සූදුරු ස්වල්පයක්

පෙරුම්කායම් ස්වල්පයක්

(අත්‍යාවශ්‍යම නෑ)

සූදුරු ස්වල්පයක්

 

හදන්නේ මෙහෙමයි

 

මුලින්ම සෝයා ඇටවලට වතුර කෝප්ප 2ක් දමා රැයක් පෙඟෙන්න තියන්න.

පසු දින උදේ සෝයා ඇට ටික පෙරා හරියටම වතුර කෝප්ප කාලක් දමා එක් වරක් බ්ලෙන්ඩ් කර නවත්තන්න.

දැන් එයට සියලුම දේවල් එකතු කර නැවතත් ක්‍රීම් එකක් වගේ වෙනකම් හොඳින් බ්ලෙන්ඩ් කරන්න.

දැන් මේ මිශ්‍රණයෙන් කුඩා ප්‍රමාණ බැගින් ගෙන පින්තූරයේ පෙනෙන ලෙස ඉටි කොළයක දමා සෝයාමීට් කැබලි ඝන වෙනකම් තද අව්වේ හොඳින් වේළා ගන්න. නැත්නම් තෙල් තවරා ගත් තැටියක දමා අවන් එකේ සෙල්සියස්ංශක 180ක උෂ්ණත්වයෙන් විනාඩි 15ක් පමණ බේක් කර ගන්න.

හොඳින් වියළාගත් පසු සුළං නොවදින වියළි භාජනයකට දමා වසා තබා අපි සාමාන්‍ය සෝයාමීට් ව්‍යාංජනය උයන විදිහට හෝ ගැඹුරු තෙලේ බැදලා ඩෙවල් එකක් සාදා ගන්න පුළුවන්.

(Tharunie)