Thursday, May 02, 2024
Follow Us
කඩල මසාලා කරිය

අවශ්‍ය වෙන්නේ

හොඳින් තම්බා ගත් කඩල කෝප්පයක් (කඩල ඇට අතින් පොඩි කරනකොට හොඳින් පොඩි වෙන ගානට තැම්බී තිබිය යුතුයි)

කඩල තම්බාගත් වතුර කෝප්ප 2ක්

තළාගත් ඉඟුරු,

සුදු ලූනු පේස්ට්

ලියාගත් අමුමිරිස් හා

රම්පේ කෑල්ලක්

ලියාගත් බී ලූනු ගෙඩි 5ක් පමණ

කොත්තමල්ලි කොළ ටිකක්

කපාගත් හොඳින් ඉදුණු

තක්කාලි ගෙඩි 3ක්

කරදමුංගු හා කරාබු නැටි 2 බැගින්

සියඹලා ස්වල්පයක්

අබ, මිරිස් කුඩු, ගරම් මසාලා පවුඩර් ටිකක්, අමු තුනපහ කුඩු, කහ පදමට ලුණු

 

හදන්නේ මෙහෙමයි

 

මුලින්ම භාජනයක් ළිප තබා තෙල් ටිකක් රත් කර අබ ටිකක් දමා පුපුරුවන්න. එයට සුදු ලූනු, ඉඟුරු පේස්ට් එකෙන් කොටසක්, බී ලූනු ටික හා තක්කාලි ටික දම තෙම්පරාදු කරන්න.

දැන් එයට ලුණු එකතුකර නිවෙන්නට තියා කඩල තම්බා ගත් වතුර ටිකක් හා තම්බා ගත් කඩල මේස හැඳි 2ක් එක්ක හොඳින් බ්ලෙන්ඩ් කර ටිකක් ඝනකම පේස්ට් එකක් සාදා පසෙකින් තබන්න.

නැවතත් ගී හෝ බටර් ස්වල්පයක් රත් කර එයට කලින් ඉතුරු කරගත් ඉඟුරු, සුදු ලූනූ පේස්ට් එක හා අමුමිරිස්, රම්පේ, කරදමුංගු, කරාබු නැටි දමා පොඩ්ඩක් තෙම්පරාදු කර, එයට කලින් හදා ගත් කඩල පේස්ට් එකත් එකතු කරන්න. ඒ එක්කම තම්බාගත් කඩල ටිකක් එකතුකර පදමට ලුණු හා සියඹලා දාන්න.

විනාඩි කීපයක් හැඳි ගාමින් හොද්ද උකු වෙනතුරු පිස ගන්න. ඝනකම වැඩි නම් කඩල තම්බා ගත් වතුර එකතුකර ගන්න පුළුවන්. කොත්තමල්ලි කොළ ටිකක් උඩින් දමා උණුවෙන්ම කෑමට ගන්න.

මෙය පරාටා, පූරී, චපාති වගේම රෝස්ට් පාන් එක්ක වුණත් රස විඳින්න පුළුවන් කෑමකි.

(Tharunie)