Friday, May 03, 2024
Follow Us
ඉරමුසු (නන්නාරි) සරුවත්

අවශ්‍ය වන්නේ

ඉරමුසු මුල් කීපයක් (සිංහල බෙහෙත් කඩවලින් ඉන්දියානු ඉරමුසු මුල් මිල දී ගන්න පුළුවන්.)

වතුර කෝප්ප 3ක් පමණ

දෙහි යුෂ

අයිස් කැට කීපයක්

ඇල් වතුරේ පොඟවා ගත් කස ඇට ටිකක්

කුඩාවට කපාගත් ඇපල් කැබලි ටිකක්

සීනී පදමට

 

හදන්නේ මෙහෙමයි

ඉරමුසු මුල් ටික හොඳින් සෝදා වතුර කෝප්ප 3ක් දමා වතුර කෝප්ප 2ක් වෙනකම් උතුරුවා ගන්න. උතුරන කොට ලස්සන පාටක් එනවා.

දැන් අවශ්‍ය ප්‍රමාණය උස වීදුරුවකට දමා, පදමට සීනී එකතු කර හොඳින් නිවෙන්න තියන්න.

ඒකට ඉතිරි සියලුම දේවල් දමා හැන්දකින් හොඳින් මිශ්‍ර කර රස විඳින්න.

අවශ්‍ය නම් වැඩිපුර තම්බාගෙන ශීතකරණයේ තියා අවශ්‍ය ප්‍රමාණය විතරක් පාවිච්චි කරන්න පුළුවන් )

(Tharunie)