Thursday, May 02, 2024
Follow Us
ආමන්ඩ් මිශ්‍ර බටර් චිකන්

අවශ්‍ය වෙන්නේ

තරමක කුඩා කැබලි කපා ගත්

(කටු රහිත) චිකන් ග්‍රෑම් 400ක්

තළාගත් ඉඟුරු, සුදුලූනු

ලියාගත් අමුමිරිස්, රතු ලූනු

හෝ බී ලූනු හා කරපිංචා

කොත්තමල්ලි කොළ ටිකක්

ආමන්ඩ් ඇට 10ක් පමණ (උතුරන වතුර ටිකක් දමා වසා තබා උඩ දුඹුරු පොත්ත හැර වතුර මේස හැඳි 5ක් එකතුකර හොඳින් බ්ලෙන්ඩ් කර පේස්ට් එකක් හදා ගන්න)

සූදුරු ස්වල්පයක්

හොඳින් ඉදුණු තක්කාලි ගෙඩි

 

3ක් (කුඩා කැබලි කපා වතුර කෝප්ප 1/2ක්

එක්ක බ්ලෙන්ඩ් කර යුෂ ගන්න)

මුදවපු කිරි මේස හැඳි 5ක්

කහ, අමු තුනපහ කුඩු, ගරම්

මසාලා පවුඩර් හා මිරිස් කුඩු

ඔබේ රස අනුව

ලුණු පදමට

 

හදන්නේ මෙහෙමයි

 

මුලින්ම චිකන් කැබලි හොඳින් සෝදා එයට මුදවපු කිරි, පදමට ලුණු හා තුනපහ වර්ග ටික දමා හොඳින් මිශ්‍ර කර සීසන් කර ගන්න.

සීසන් කරගත් චිකන් ටික වහන්න පුළුවන් භාජනයකට දමා හරියටම පැය 2ක් ශීතකරණයේ තබන්න. එතකොට තමයි නියම රස එන්නේ.

පැය 2කට පසු භාජනයක් ළිප තබා බටර් ටිකක් රත් කර සුදු ලූනු, ඉඟුරු හා ලියාගත් සියලුම දේවල් දමා තෙම්පරාදු කරන්න.දැන් සීසන් කළ චිකන් කෑලි ටික දමා කෑලි තැම්බෙනකම් ටික වෙලාවක් හැන්දෙන් එහාට මෙහාට කරමින් පිසින්න. (කටු රහිත නිසා ඉක්මනින් තැම්බෙනවා)

දැන් එයට කලින් හදාගත් තක්කාලි මිශ්‍රණය හා ආමන්ඩ් මිශ්‍රණය එකතුකර විනාඩි කීපයක් හොද්ද උකු වෙනතුරු පිස ගන්න. තුනපහ වර්ග හා මිරිස් අවශ්‍ය නම් නැවත එකතු කරන්න.

ළිපෙන් ගන්නට පෙර කොත්තමල්ලි කොළ ටිකක් උඩින් දාන්න.මෙය නාන්, රොටී, චපාති, බත්, පරාටා ඕනෑම දෙයක් එක්ක රස විඳින්න පුළුවන් කෑමක්.

(Tharunie)