Thursday, May 02, 2024
Follow Us
ඉන්දියානු අල රොටී

අවශ්‍ය වන්නේ

හොඳින් තම්බා

පොඩි කර ගත් අර්තාපල්

අල ගෙඩි 4ක් 5ක්

පාන්පිටි ග්‍රෑම් 250ක්

බේකිං පවුඩර් තේ හැඳි 1/2ක්

ලුණු පදමට

තෙල්, බටර් හෝ ගී

 

හදන්නේ මෙහෙමයි

 

තම්බා පොඩි කරගත් අල ටික භාජනයකට දමා ඒකට පිටි, ලුණු හා බේකිං පවුඩර් දමා පොල් රොටී අනනවා වගේ පිටි අනා ගන්න.

අතේ නො ඇලෙන පදමට අනා ගන්න.

දැන් පිටි මෝලියෙන් කුඩා බෝල සාදා ඒවාවල තෙල් ටිකක් තවරාගෙන විනාඩි 15ක් පමණ වසා තබන්න.

දැන් රොටි තැටියක් ළිපේ තියා රත් වෙනකොට තැටියේ තෙල් පොඩ්ඩක් තවරා ගන්න.

අතේ තෙල් පොඩ්ඩක් තවරාගෙන වසා තැබූ පිටි බෝල එකින් එක පිඟානක් උඩ තැබූ ලන්ච් ෂීට් එකක තුනීකර පරිස්සමෙන් රොටි තැටියට දාලා පුලුස්සා ගන්න.

 

(Tharunie)