Friday, May 03, 2024
Follow Us
උළුඳු වඩේ එක්ක පොල් චට්නි

අවශ්‍ය වන්නේ

උඳු ඇට ග්‍රෑම් 250ක්

ලියාගත් රතු ලූනු

ලියාගත් අමුමිරිස්

බේකිං පවුඩර් තේ හැඳි

භාගයක්

සූදුරු ස්වල්පයක් (අවශ්‍ය

නම් පමණක්)

බටර් තේ හැන්දක්

ලියාගත් කරපිංචා ටිකක්

 

හදන්නේ මෙහෙමයි

උඳු ඇට සෝදා, වැහෙන්න වතුර දමා පැය 5ක් පමණ පෙඟෙන්න හරින්න.

ඉන්පසු වතුර පෙරා ග්‍රයින්ඩරයට දමා ඇට ටිකක් ඉතුරු වෙන්න ග්‍රයින්ඩ්කර ගන්න (වතුර එකතු කරන්න එපා)

අනිත් අමුද්‍රව්‍ය සියල්ලම දමා පදමට ලුණු දමන්න. හොඳින් කලවම් කර පැය 2ක් පමණ වසා තබන්න.

 

දැන් බලමු උළුඳු වඩේවල හැඩය ගන්නා ආකාරය.

උළුඳු මිශ්‍රණය ළඟ වතුර භාජනයක් තබා ගන්න.

දැන් වතුර ස්වල්පය බැගින් අල්ලේ ගාගෙන මිශ්‍රණයෙන් කුඩා බෝලයක් ගෙන අල්ලේ තබා තරමක් පැතලි කරන්න. දැන් ඇඟිල්ලෙන් එය හිල් කරගෙන රත් වූ ගැඹුරු තෙලට දමා අඩු ගින්දරේ රන්වන් පැහැ වනතුරු බැද ගන්න ( එක් වරකට වඩේ දෙකක් හෝ තුනක් පමණක් තෙලට දමන්න) ගින්දර අඩුවෙන් බදිනකොට ටිකක් වෙලා ගියත්, වඩයේ මැද කොටස හොඳින් තැම්බෙනවා.

 

පොල් චට්නි

පොල් මිටකට මිරිස් කුඩු, පදමට ලුණු, දෙහි යුෂ හා කැබලි කපාගත් ඉදුණු තක්කාලි ගෙඩියක් දමා වතුර ස්වල්පයක් එක්ක බ්ලෙන්ඩ් කරගන්න.

(Tharunie)