Friday, April 26, 2024
Follow Us
කඩල මිශ්‍ර ලූනූ කරිය

අවශ්‍ය ද්‍රව්‍ය

කඩල ග්‍රෑම් 200ක්

කැරට් අලයක්

අර්තාපල් අල ගෙඩියක්

රස අනුව ලුණු ස්වල්පයක්

ගම්මිරිස්කුඩු ස්වල්පයක්

 

සාදන ක්‍රමය

මුලින්ම රැයක් පෙඟෙන්නට දැමූ කඩල, වතුර දමා තැම්බෙන්න තියන්න. ශුද්ධ කර ගත් අර්තාපල් අල ගෙඩිය හා කැරට් අලයත් තම්බගන්න.

ඉන්පසු තැම්බුණු කඩල ටික ගෙන හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න. තම්බාගත් අල හා කැරට් කෑලි හිටින සේ බ්ලෙන්ඩ් කර ගන්න.

කඩල සහ බ්ලෙන්ඩ් කරගත් අල, කැරට් එකට කලවම් කරගෙන ලුණු හා ගම්මිරිස් එකතු කර රස බලන්න. උකු වැඩි නම් තව උණුවතුර එක්කරන්න.

(Tharunie)