Wednesday, April 24, 2024
Follow Us
අමු හාල්මැස්සන් හොද්ද

අවශ්‍ය ද්‍රව්‍ය

අමු හාල්මැස්සන් (වැලි හාල්මැස්සන්) 25ක් පමණ

(පෙති ගැසූ) රතුලුනු ගෙඩි 12ක්

සුදුලූනු බික් (පෙති ගසා) 3ක්

අමුමිරිස් කරල් 1ක්

කරපිංච ඉති 1ක්

කුරුඳුපොතු අඟලක කැලි 1ක්

සූදුරු, ගම්මිරිස්, කොත්තමල්ලි මේස හැඳි 1ක්

ගොරක කෑලි 2ක්

දෙහි බෑයක ඇඹුල්

මිරිස් තේ හැඳි 1ක්

උළුහාල් ඇට 15ක්

ලුණු ස්වල්පයක්

 

සාදන ක්‍රමය

 

හාල්මැස්සන් ටික හොඳ හැටි සෝදා වළඳකට දමා වතුර කෝප්ප හතරක් පමණ වක්කරන්න. සූදුරු, කොත්තමල්ලි, ගම්මිරිස් හා මිරිස් අඹරා එහි දමන්න. ඉන්පසු රතුලුනු ආදි සියලු දේ දමා නිසි පමණට ලුණු යොදා ළිප තබා වතුර පත එකහමාරකට සිටි විට දෙහි ඇඹුල් වක්කොට ගොරක ඉවත ලා ළිපෙන් බාගන්න. මේ හොද්ද බත් කෑමට ගන්න. නීරෝගී අය මේ හොද්ද තෙම්පරාදු කොට පොල් සමඟ බත් කෑමට ගනිති. එහෙත් මෙය තනිකර මිස අනෙක් ව්‍යංජන සමඟ එතරම් ගැළපීමක් නැත.

(Tharunie)