Thursday, April 25, 2024
Follow Us
යීස්ට් රොටී

හරිම රස ලේසියෙන් හදන්න පුලුවන් කෑමක්.ගොඩක් අය දන්නවා මේක හදන්න. දන්නේ නැති අයට රෙසිපි එක පහලින් දැම්ම..


පාන්පිටි කෝප්ප 3
යීස්ට් මේස හැදි 1
සීනි මේස හැදි 1
කිරි පිටි මේස හැදි 2
පොල්තෙල් මේස හැදි 1
ලුනු රස අනුව
මද උනුසුම් වතුර කෝප්ප 1/2
අනාගැනීමට ඇල්වතුර
මේ ප්‍රමානෙන් රොටී 10ක් විතර හදන්න පුලුවන්.
?යීස්ට් ටික බාජනේකට දාලා සීනි ටිකත් ඒකටම දාලා මද උනුසුම් වතුරා දාලා මිශ්‍ර කරගෙන වහලා තියන්න පිපෙන්න.
?යීස්ට් එක පිපුනම අනන බාජනේට පිටි ටික දාලා යීස්ට් මිශ්‍රණය ,පොල්තෙල් , කිරිපිටි දාලා මිශ්‍ර කරගන්න.
ඇල් වතුර ටිකක් යීස්ට් තිබ්බ බාජනේට දාලා සෝදගෙන ඒකටම ලුනු දාලා දියකරගෙන පිටි එකට එකතු කරන්න.
?ඊට පස්සේ අනන ගමන් වතුර අවශ්‍ය ප්‍රමානයට දාලා සොෆ්ට් මිශ්‍රණයක් හදාගන්න. අතේ නොඇලෙන හොද සොෆ්ට් ඩෝ එකක් එනවා. ගොඩක් වෙලා නීඩ් කරන්න ඕන නෑ.
?ඊට පස්සේ මේ විදියටම වහලා පිපෙන්න තියන්නත් පුලුවන්. එහෙමත් නැත්තන් අවශ්‍ය ප්‍රමානෙට බෝල කඩලා පිපෙන්න තියන්නත් පුලුවන්. මම කරන්නේ රොටී ටිකට බෝල හදලා පිපෙන්න තියන එක.
?යීස්ට් එක හොදයි නම් පැය බාගයක් යනකොට පිපෙනවා. මට් පැය බාගයයි ගියෙ..
?ඊට පස්සේ රොටී එක තුනී කරගන්න. පිටි ටිකක් ඉහලා රොටී එක තුනී කරගන්න ඕන. නැත්තන් ඇලවෙන්න බලනවා. රෝලිං පින් එකක් තියනවා නම් ලේසියි.
?ඊට පස්සේ තෙල් ගාපු තැටියක මද ගින්දරේ දෙපැත්තම දාලා රොටිය හදා ගන්න. විනාඩියක් වත් යන්නේ නෑ රොටියකට.
?හදල ඉවර උනාට පස්සේ දියකරපු ඇස්ට්‍රා හරි බටර් ටිකක් හරි රොටියේ දෙපැත්තේ ගෑවම සොෆ්ට් වෙනවා. අනිවාර්‍ය නෑ.
?ගැලපෙන කරි එකක් හදාගෙන රස බලන්න.

(Facebook)