Saturday, April 20, 2024
Follow Us
කිසස්...

අවශ්‍ය ද්‍රව්‍ය


සීනි 200 g (grinder එකෙන් කුඩු කරල ගන්න)
ලොකු බිත්තර 3ක සුදුමද (කහමද යන්තම්වත් කලවම් වෙන්න දෙන්න එපා)
දෙහි බිංදු 2-3ක්
වැනිලා ස්වල්පයක්
Food Colouring (අවශ්‍ය නම්)
? මුලින්ම මේක හදන්න ගන්න භාජන වතුර පොඩ්ඩක්වත් නැති වෙන්න පිසදාගන්න
බිත්තර සුදුමද bowl එකකට දමාගෙන beater එකකින් හොඳින් ගසාගන්න.
එයට ටිකෙන් ටික සීනි එක්කරමින් හොඳින් beat කරන්න. මේ අතරම දෙහි, වැනිලා ටිකද එකතු කරගන්න.
තරමක් ඝනට දැනන තුරු, මිශ්‍රණය බීටරය ඉවතට ගන්නා විට තුඩක් මෙන් ඉහලට එසවී තිබෙනතුරු ගසාගන්න.
නොසෙල් එකක් දැමූ Piping bag එකකින්, oil paper එකක් ඇතිරූ තැටියකට දමන්න.
100°C උෂ්ණත්වයට pre heat කල oven එකක පැයක් පුළුස්සාගන්න. පැයකට පසු නිවෙන තුරුම oven එක තුල තබන්න.
ඉන්පසු ඉවතට ගෙන කිසස් oil paper එකෙන් ඉවත් කරගෙන සුලං නොවදින සේ අසුරා ගන්න.
** මේ කිසස් වල මිශ්‍රණයට colouring දැම්මෙ නෑ... piping bag එක වටේ තැනින් තැනට colouring බිංදු වගේ ගෑවා ඉරටුවකින්.
(Facebook)